Posted on 11.25.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ලංකාවේ ඇඟලුම් කර්මාන්තය, තේ වතු ආර්ථිකය, සංචාරක කර්මාන්තය සහ ගෘහ සේවය ආදී වශයෙන් වහල් ශ්‍රමය සම්බන්ධ චෝදනා නැගෙද්දී වහල් ශ්‍රම භාවිතය සම්බන්ධ එක්සත් ජාතීණ්ගේ මැදිහත්වීමක් සිදුවන්නට නියමිතය.
ඒ අනුව, සමකාලීන වහල් භාවය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ මැදිහත්කරු ටොමෝයා ඔබොකටා 2021 නොවැම්බර් 26 සිට දෙසැම්බර් 3 දක්වා ශ්‍රී ලංකාවේ සිය පළමු සංචාරය යොදාගෙන ඇත.
දැනටමත් නිවේදනය කර ඇති ආකාරයට මෙම විශේෂ නියෝජියා විසින් මෙරට ඇඟලුම් කර්මාන්තය, තේ වතු ආර්ථිකය, සංචාරක කර්මාන්තය සහ ගෘහ සේවය වැනි අංශවල ශ්‍රම තත්ත්වයන් පරීක්ෂා කිරීමට නියමිතය.
ලංකාවේ සිට සංක්‍රමණික ශ්‍රමිකයන් ඇතුළු විධිමත් රැකියාවකට ප්‍රවේශ වීමට බාධා කරන නීති සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම යන අංශවල දුබතලා මෙන්ම පද්ධතිමය බාධාවන් තක්සේරු කිරීමට ද විශේෂ වාර්තාකරු අදහස් කරන බව නිවේදනය කර තිබේ.
මේ වනවිටත ලංකා ආණ්ඩුව විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට දී ඇති ‘තිරසාර සංවර්ධන ඉලක්කවල 8.7’ ඉලක්ක සපුරා ගැනීම සඳහා ‘කර තිබෙන කැපවීම්’ සැලකිල්ලට ගනිමින්, මේ සම්බන්ධයෙන් දැනට කොපමණ ප්‍රගතියක් ලබා තිබේද, කුමන අඩුපාඩු පවතීද සහ ඒවා විසඳීමට කුමන ක්‍රියාමාර්ග ගන්නේද යන්න තක්සේරු කිරීමට විශේෂයෙන් උනන්දු වන බව එක්සත් ජාතීන්ගේ විශෞෂ නියෝජිත ඔබෝකාටා පවසයි.
බලහත්කාර ශ්‍රමය මුලිනුපුටා දැමීම, නවීන වහල්භාවය සහ මිනිස් ජාවාරම අවසන් කිරීම මෙන්ම ළමා සොල්දාදුවන් බඳවා ගැනීම සහ භාවිතා කිරීම ඇතුළු කටයුතු තුරන් කිරීම සහ 2025 වන විට අවසන්වන විට මෙරට ළමුන් ශ්‍රම සූරාකෑමට ලක්කිරීමෙන් වැළකීම සඳහා ක්ෂණික හා ඵලදායී පියවර ගැනීම සඳහා රාජ්‍ය මැදිහත්වීම අවශ්‍ය වන බව විශේෂ නියෝජිතයා විසින් දැනුම් දී ඇත.
මෙරට සංචාරය අවසන් කර පිටතව යන ඔහු 2022 සැප්තැම්බර් මස පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරයේදී විශේෂ වාර්තාකරු සිය ලංකා සංචාරය පිළිබඳ සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරනු ඇත.