Posted on 10.26.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ළමා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා සමග ඇති වූ ගැටලුවක් හේතුවෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කරයි.
මහාචාර්ය මුදිත විදානපතිරණ විසින් ‘whatsapp’ සමාජ ජාලයේ සටහනක් තබමින් මෙම ඉල්ලා අස්වීමේ තීරණය ප්‍රකාශයට පත්කර ඇත.
ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව විසින් වියතුන් සිය මැතිවරණ ජයග්‍රහණයේ ආකර්ශණයක් ලෙස ඒකරාශි කරවා, පසුව විද්වතුන්ගේ හෝ විෂය සම්බන්ධ ප්රවීණත්වයක් ඇති කිසිවකුගේ උඵදෙස් මත කටයුතු නොකිරීම නිසා විශාල ගැටලු ප්‍රමාණයක් උද්ගතව ඇත. මේ නිසා ජනතාව අපහසුතාවට පත්ව වීදි බසින මට්ටමකට පත්ව ඇතත් ජනාධිපතිවරයා සිය අත්තනෝමතික පියවර දිගටම ගෙන යාම නිසා මෙවැනි විද්වතුන් සිය වගකීම්වලින් ඉවත්ව යන බබවක් දක්නට ලැබේ.