Posted on 08.09.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
වයස අවු: 16-18 අතර දරුවන් සේවයේ යෙදවීම තහනම් අන්තරායකකර රැකියා ලයිස්තුව 51 සිට 71 දක්වා ඉහළ නැංවීමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්ව තිබේ.
ගෘහ සේවය, මානසික යහපැවැත්මට හෝ මාර්ගගත ප්රවේශයන්ට හානිදායක වන්නාවූ පරිගණක හෝ ඉලෙක්ට්‍රොනික උපකරණවලට අදාළ රැකියා, සම්බාහනාගාර තුළ කෙරෙන රැකියා, රූපලාවන්‍යාගාරයක රසායනික ද්‍රව්‍ය හෝ රූපලාවන්‍ය ද්‍රව්‍ය සහිතව සම්බන්ධ වන රැකියා ආදි වශයෙන් රැකියා 20ක් මෙම ලයිස්තුවට අලුතෙන් එක්කොට තිබේ.
1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයේ යෙදවීමේ පනත සංශෝධනය කිරීම තුළින් මෙම රැකියා ලයිස්තුව ඉහළ නැංවීම රජයේ අරමුණය.
නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද නියෝග පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීමටත් එම අනුමැතිය ලැබුණු පසුව එම නියෝග ගැසට් පත්‍රයේ පළ කිරීමටත් කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඉල්ලා තිබේ.