Posted on 11.05.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
පළාත් අතර සංචරණ සීමා ඉවත් කිරීමත් සමග ඇතිව තිබෙන තත්වයක් ලෙස කොවිඩ් ආසාදිත ළමුන් සංඛ්‍යාවේ ඉහළයාමක් වාර්තා වෙමින් පවතී.
මේ සම්බන්ධයෙන් ‘ලංකාදීප’ පුවත්පතට අදහස් දක්වන විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වාට අනුව, පොදුවේ ආසාදිතයන් සංඛ්‍යාවේ ඉහළයාමක් මෙන්ම දරුවන් ආසාදිත වීමේ මට්ටමේ වර්ධනයක් දක්නට ලැබේ.
මේ අතර, පසුගිය දින කිහිපයේ දී කොවිඩ් ගැබිනි මව්වරුන්ගේ සංඛ්‍යාවේ ද ඉහළ යාමක් පෙන්නුම් කළ බව ඇය පැවසීය.
විශේෂඥ වෛද්‍යවරිය පුවත්පත වෙත ප්‍රකාශ කළ කරුනු මෙසේය.
“ගර්භනි මව්වරු එන්නත් කරලා දැනට සියයට 95කට වඩා වැඩි ආවරණයක් ලබාගෙන තිබෙනවා. ඒ අනුව අපි දකිනවා ගර්භනි මව්වරු වෛරසය වැළදීලා රෝහල්ගතවීමේ යම් අඩුවක්. ඒක හොඳ තත්ත්වයක්. නමුත් පසුගිය දවස් දෙක තුනක ඉඳලා නැවතත් ආසාදිතයින් වැඩිවීමකුත් අපි දැක්කා. ඒක මට හිතෙනවා අපි රිලැක්ස් කළා වැඩිද? එම නිසා රෝගය නැවත පැතිරීමක් වෙන්න පුළුවන්ද කියන එක. ඒ අතර පාසල් ආරම්භවීමත් සමඟම අපි දක්නවා පාසල් දරුවන් අතරත් වාර්තා වෙච්ච පොඩි වැඩිවීමක් දක්නට ලැබෙනවා පසුගිය සතිය ඇතුළත වගේ. ඒක මම හිතන්නේ ගොඩක්වෙලාවට අපේ දෙමාපියන් සංචරණ සීමා ඉවත්වෙලා තියෙනවා පළාත් අතර සංචරණය වැඩි වෙලා තියෙනවා. ඒකත් එක්ක මේ කුඩා දරුවන් අරගෙන තැන තැන යන එක යම් තරමක් සීමාකරන එක හොඳයි.”
(මූලාශ්‍රය – ලංකාදීප)