වතු කම්කරු අරගලයට එරෙහිව දේශපාලන මැර බලය හා අධිකරණ නියෝග යටතේ බොගවන්තලාවේදී සිදුකළ කඩාකප්පල්කාරී මැදිහත්වීමට එරෙහිව ‘1000 ව්‍යාපාරය‘ විසින් විරෝධතාවක් සංවිධානය කර තිබේ.
අද(24) වතු කම්කරු අරගලයට සහාය පිණිස බොගවන්තලාවේ සංවිධානය කරන ලද විරෝධතාව සම්බන්ධව ඊයේ දින බොගවන්තලාව නගරයේ දැනුවත් කිරීම්වල නිරතවූ ‘1000 ව්‍යාපාරයේ‘ සාමාජිකයන්ට ඊයේ (23) වන දින ආණ්ඩුවේ මැරයන් විසින් තර්ජනය කරන ලදී. එමෙන්ම එම දැනුවත් කිරීමේ යෙදුණු අවිශිබම කැදවුම්කරැ මහිල් බණ්ඩාර දෙහිදෙණිය ඇතුලු සමාජ ක්‍රියාකාරින් 15 දෙනෙකු පැයකට ආසන්න කාලයක් බොගවන්තලාව පොලිසිය තුළ රදවාගන්නා ලදී. ඒ වනවිටත් පොලිසිය විසින් 24 වන දින පැවැත්වීමට සංවිධානය කර තිබූ
‘1000 ව්‍යාපාරයේ‘ විරෝධතාවයට උසාවිය හරහා වාරණ නියෝගයක් ලබාගෙන තිබුණි. 1000 ව්‍යාපාරයේ මැදිහත්වීමෙන් සහ වතු කමුක්රු වෘත්තිය සමිතිවල ඒකාබද්ධතාවෙන් නැගී එන වතු කම්කරු අරගලය මර්දනය කිරීමට ආණ්ඩුව විසින් ගෙන යන මෙම නින්දිත උත්සාහයන් සම්බන්ධව විරෝධතා දැක්වීමට විවිධ වෘත්තිය සමිති හා සිවිල් සංවිධාන ඒකරාශි වෙමින් තිබේ.
‘1000 ව්‍යාපාරය‘ විසින් අද දින පැවැත්වූ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ වූ ආකාරයට ආණ්ඩුවේ මෙම තර්ජනවලට විරෝධය පෑම පිණිස හෙට(25) සවස 4.00ට කොළඹ කොටුව බෝ ගස අසළදී විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්වේ.