தமிழ்
English
Contact
Wednesday 22nd May 2019    
වතු කම්කරුවන් නියෝජනය කරන බව කියාගන්නා දේශපාලකයන් වැටුප් ඉල්ලීමට බාධාවක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වතු කම්කරුවන් නියෝජනය කරන බව කියාගන්නා දේශපාලකයන් වැටුප් ඉල්ලීමට බාධාවක්!



දේශපාලන වාසි වෙනුවෙන විවිධ පාර්ශ්වවලට බෙදී සිටින වතුකරයේ වෘත්තිය සමිති නායකයන් වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡාවලදී බාධකයක්ව පවතින බව ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපති එස්.අරුල්සාමි කියයි.‍

ඔහු කියා සිටියේ වතු හාම්පුතුන්ගේ සංගමය හා වතු එකාබද්ධ වෘත්තිය සමිති අතර පවතින සාකච්ඡාවල ප්‍රගතිය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරිම සඳහා ඊයේ (27) හැටන් නගරයේ, ලංකා කම්කරු කොංග්‍රස් කාර්යයාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.

වතු කම්කරුවන්ගේ වැටුප් ගැටලුව සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වු එස්.අරුල්සාමි, වතුකම්කරුවකුගේ දෛනික මුලික වැටුප රු.1000 දක්වා වැඩි කළ යුතු බවට යොජනාවක් වතු වෘත්තිය සමිති විසින් වතු හාම්පුතුන්ගේ සංගමය වෙත ඒකාබද්ධ යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව පැවසීය. එසේ වුවද වතු කම්කරු ජනතාව මෙන්ම වෙනත් ජනතා සංවිධානද අනුමත කරන එම යෝජනාව ඒකාබද්ධව ඉදිරිපත්කළද වතු කම්කරුවන් නියෝජනය කරන බව කියන ඇතැම් දේශපාලන පක්ෂ නායකයන් මේ ගැන විවිධ අදහස් ප්‍රකාශ කිරිම නිසා වතු හාම්පුතුන්ගේ සංගමය එම තත්වය සිය වාසියට ගෙන ඇති බව පෙනී යයි.