Posted on 02.02.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
වතුකම්කරුවකුගේ දෛනික මූලික වැටුප රුපියල් 1000 දක්වා ඉහළ දමන ලෙස ඉල්ලීමක් තිබියදී එය රු. 855 ක් ලෙස ප්‍රකාශයට පත්කරමින් ආණ්ඩුවේ මැදිහත්වීමෙන් හාම්පුතුන්ගේ සංගමය හා වතු කම්කරු වෘත්තිය සමිති නායකයන් කිහිප දෙනකු අත්සන් කළ සාමුහික ගිවිසුම කිසිදු වලංගුභාවයක් නැති තත්වයට ඇද වැටී ඇත.
එම ගිවිසුම අත්සන් කළ ජනවාරි 28 වැනිදාම වතුකම්කරුවෝ වීදි බැස එය ප්‍රතික්ෂේප කළ අතර සාමුහික ගිවිසුම රජයේ ගැසට් පත්‍රයේ පළකිරීම අත්හිටුවීමට ආණ්ඩුව පවසයි.
වතුකම්කරුවකුට දිනකට රුපියල් 1000 ක් ලබාදිය යුතු බවත් රුපියල් 855 පිළිගත නොහැකි බවත් ප්‍රකාශ කරමින් දමිළ සන්ධානයේ අමාත්‍යවරුන් වන මනෝ ගනේෂන් පී.දිගම්බරන් හා රාධා ක්‍රිෂ්ණන් ඊයේ (01) අග්‍රමාත්‍යවරයා සමඟ සාකච්ඡාවක් පැවැත්වුහ. එම සාකච්ඡාවේ දී ගැසට් නිවේදනය නිකුත් කිරිම අත්හිටුවීමට තීන්දු කළ බව කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍ය පී. දිගම්බරන් පැවසීය. වතු කම්කරුවන්ට ඇති වැටුප් ගැටලුව මෙන්ම සමාජ ජිවිතයේ හා පෞද්ගලිකව මුහුණ දෙන ගැටලු රාශියක් තිබියදී වැටුප් වැඩි කිරීමෙන් පමණක් කිසිදු ධනාත්මක යමක් ඉතිරි වන්නේ නැත. කම්කරුවන් සංවිධානය කිරීමේත් ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සාමුහිකව අරගල කිරීමේත් මාර්ගයෙන් මිස එම සමස්ත ගැටලුවට විසදුමක් නැත.
මේ දක්වා වතු කම්කරුවා රැවටූ වෘත්තිය සමිති නායකයන් පිරිසක් කම්කරුවන්ගේ අරගලය පාවාදී හාම්පුතුන්ගේ වංචනික වැටුප් වැඩිකිරීමට එකගව සාමුහික ගිවිසුමට අත්සන් කළ අතර කම්කරුවන් අරගලයට යාම වළකා වෘත්තිය සමිතිවලම සිරකර සිටින නායකයන්ම පිරිසක් එම ගිවිසුම ප්‍රතික්ෂේප කරමින් වතු කම්කරුවන් අතර ව්‍යාජ වීරයන් බවට පත්වීමට උත්සාහ දරති.