தமிழ்
English
Contact
Monday 6th May 2019    
වතු කම්කරු දෛනික මූලික වැටුප් රු. 1000ක් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වතු කම්කරු දෛනික මූලික වැටුප් රු. 1000ක් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක්!



වතු කම්කරු ජනයාගේ දෛනික මූලික වැටුප රු 1000ක් බවට පත් කරන ලෙස පසුගිය දිනවල වතු කම්කරුවන් ඇතුළු වෘත්තිය සමිති, වාමාංශික පක්ෂ, සිවිල් සංවිධාන හා වෙනත් සමාජ ක්‍රියාකාරිකයන් විසින් ආරම්භ කළ අරගලය නිසා එම ඉල්ලීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද(25) කම්කරු අමාත්‍යංශයේදී කැදවා ඇත.

ප්‍රධාන පෙළ වතු කම්කරු වෘත්තිය සමිති, වතු හාම්පුතුන් සහභාගිත්වයෙන් කම්කරු ඇමති රවින්ද්‍ර සමරවීර විසින් මෙම සාකච්ඡාව කැදවා ඇත. මින් පෙරාතුව වතු කම්කරු වැටුප සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවලදී එම ඉල්ලීමට හාම්පුතුන්ගේ එකගතාවක් ඇති නොවීම නිසා සාකච්ඡා බිද වැටුණි. එසේම වතු වෘත්තය සමිති, හාම්පුතුන්ගේ සංගමය සහභාගිත්වයෙන් අත්සන් කරන සාමුහික ගිවිසුම් අත්සන් කිරීමද මෙම කම්කරු ඉල්ලීම් නිසා කල්දැමීමට සිදුව ඇත.

පසුගිය 23 වැනිදා වතුකම්කරුවන් සහ වෘත්තිය සමිති ඇතුලු සමාජ ක්‍රියාකාරින් එක්ව බිහි කළ ‘1000 ව්‍යාපාරය‘ විසින් ආරම්භ කළ අරගලයේදී වතු කම්කරුවන්ට රු. 1000 දෛනික මූලික වැටුප ලබා දීමෙන් තොරව අරගලය අවසන් නොකරන බවට ප්‍රතිඥා දෙන ලදී.