தமிழ்
English
Contact
Saturday 4th May 2019    
විශ්වවිද්‍යාල ශිෂ්‍ය මර්දනයට රහසිගත දේශපාලන සන්ධානයක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

විශ්වවිද්‍යාල ශිෂ්‍ය මර්දනයට රහසිගත දේශපාලන සන්ධානයක්!



ආණ්ඩුවේ අරමුණ හා තමන්ගේ අරමුණු සාධනය කරගැනීම පිණිස විශ්ව විද්‍යාල ශිෂ්‍ය මර්දනය සදහා නවකවධ සිදුවීම් උපයෝගි කරගන්නට විවිධ දේශපාලන අරමුණු ඇති කණ්ඩායම් ඒකරාශි වී ඇති බව අනාවරනය වේ.

සාමාන්‍ය ශිෂ්‍ය ප්‍රජාව අතර සිටින අතලොස්සකගේ සහාය ලබන දේශපාලන කණ්ඩායම්වල අවශ්‍යතා මත, ශිෂ්‍ය දේශපාලනය එහි වාමාංශික නායකත්වයන් ඉවත් කරන්නට සහ එහිදී රාජ්‍ය හා පෞද්ගලික ජනමාධ්‍ය හරහා වෛරී ප්‍රචාරයක් ගෙන යන්නට නියමිතය. නවකවද සිදුවීම් උපුටා දක්වමින් මෙම ක්‍රියාවලිය ආණ්ඩුව හා විපක්ෂයේ අැතැම් පක්ෂ මැදිහත් වී මෙම ප්‍රහාරක ප්‍රචාරය අරඹන්නට නියමිතය. මෙහිදී විශ්ව විද්‍යාල ආචාර්යවරු හා මව්පියන් ශිෂ්‍ය ව්‍යාපාරය කෙරෙහි බිදවා ආණ්ඩුවට අවශ්‍ය ලෙස හසුරුවන්නට සිදුවීම් උපයෝගි කරගනු ඇත.

විශ්ව විද්‍යාලයේ ආචාර්ය සංගමය, වෘත්තිය සමිති නායකයන් ඇතුළු බහුතරයක් ශිෂ්‍ය දේශපාලනයට සතුරු නොවූවද නවකවධයට විරුද්ධ බැවින් ඔවුන් හරහා නවකවද විරෝධී පෙලගැස්මකට යන මුවාවෙන් ශිෂ්‍ය දේශපාලනය මර්දනය කිරීමේ එකගතාවක් ගොඩනැගී ඇත. ඒ හරහා ශිෂ්‍ය ව්‍යාපාරයේ නායකයන්ට චෝදනා නගා සිරගත කිරීම එක් අරමුණකි. ශිෂ්‍ය සංගම්වල විරෝධය මැද නවකවදය පවත්වාගෙන යන කණ්ඩායම් ඒ නිසාම ශිෂ්‍ය ව්‍යාපාරයේ නායකත්වය සමග ඇති ප්‍රතිවිරෝධයද මෙම සැලැසුමට භාවිතා කරන්නට සූදානමක් පවතී. ශිෂ්‍ය දේශපාලනය හසුරුවා ගැනීමට අසමත්ව ඒ වෙනුවට තම දේශපාලන කටයුතු සදහා බාධකයක්ව පවතින ශිෂ්‍ය නායකයන් පහරදී ඉවත් කරන්නට මෙම කණ්ඩායමේ විවිධ පාර්ශ්ව එකග වී ඇත.

ඒ අනුව ශිෂ්‍ය ව්‍යාපාරයේ නායකත්වය එනම් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය අවලාද නගමින් අප්‍රසාදයට ලක් කරන්නට හා නවකවදයට එරෙහිව මතුවන ජන මතය ශිෂ්‍ය දේශපාලනයට එරෙහිව චෝදනා ලෙස ඉදිරියට ගන්නටත් මෙම සැලැස්ම ක්‍රියාත්මක වේ.

ඉදිරියේදී ආණ්ඩුව මුහුණ දෙන මැතිවරණ සදහා අවාසිදායක ලෙස ශිෂ්‍ය අරගල බලපාන බැවින් ඉන් පෙරාතුව ශිෂ්‍ය දේශපාලනය අතුගා දැමීම එම ක්‍රියිදාමයේ අරමුණ වී ඇත. මෙම මෙහෙයුම ක්‍රියාවට නැගීමට ආණ්ඩුවේ ඇමතිවරුන් හරහා දේශපාලන බලය මර්දනකාරී ආකාරයෙන් යොදවා ගන්නට මෙම පිරිස කටයුතු අරඹා ඇත.