Posted on 07.21.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
වෛද්‍ය අධ්‍යාපනය සඳහා විදේශගත වීමට අපේක්ෂිත ශ්‍රී ලාංකික සිසුන් විදේශ වෛද්‍ය විද්‍යාලයක් තෝරා ගැනීමේදී කරුණු ගණනාවක් කෙරෙහි අවධානය යොමු කළ යුතු යැයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාව කියයි.
අධ්‍යාපනය ලැබීමෙන් පසුව ශ්‍රී ලංකාවට පැමිණ වෛද්‍ය සේවයේ නිරත වීමට අපේක්ෂා කරන්නේ නම් එම ශිෂ්‍යයා තෝරාගත යුත්තේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අනුමත කරන වෛද්‍ය විද්‍යාලයකින් පමණකැයි ද ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පවසා තිබේ.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් පිළිනොගන්නා වෛද්‍ය විද්‍යාලයකින් ලබාගන්නා උපාධි වෛද්‍ය උපාධිධාරියෙකුට ලංකාවේ වෛද්‍ය සේවයේ නිරත විය නොහැකි බව ද එම ආයතනය පවසයි.
ලංකා වෛද්‍ය සභාවේ නිල වෙබ් අඩවිය පිළිගත් විදේශ වෛද්‍ය විද්‍යාලවල නාමලේඛන පළ කර තිබෙන අතර එය වසර පහෙන් පහට යාවත්කාලීන කරන බවද ලංකා වෛද්‍ය සභාව පවසා ඇත.
ඇතැම් විදේශ වෛද්‍ය විද්‍යාලවල අධිකරණ වෛද්‍ය විද්‍යාව ඉගැන්වීම නොකරන හෙයින් ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතු බවද ශ්‍රී ලංකාවේ වෛද්‍ය සේවයේ යෙදීමට නම් අධිකරණ වෛද්‍ය විද්‍යාව යෙදී ඉගෙන ගෙන තිබීම අත්‍යාවශ්‍ය බව ද ශ්‍රී ලංකා වෛද්‍ය සභාව කියයි.
විදේශ වෛද්‍ය විද්‍යාලයකින් වෛද්‍ය උපාධිය ලබාගෙන ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාව පවත්වන ඊආර්පීඑම් නමැති සුදුසුකම් පරික්ෂා කිරීමේ විභාගය සමත්වීම අනිවාර්ය බවද වෛද්‍ය සභාව වැඩිදුරටත් පවසා ඇත.