Posted on 12.07.2020 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
වෛද්‍ය සභාවේ තත්ත්වය සම්බන්ධයෙන් කනස්සල්ල පළකරමින් නිවේදනයක් නිකුත්කරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසන්නේ වෛද්‍ය වෘත්තිකයන්ගේ අධ්‍යාපන සහ සදාචාරාත්මක ප්රමිතීන් සඳහා වන නියාමන ආයතනය පාලන බලපෑම් වලින් නිදහස් යුතු බවයි.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සාමාජිකයන් පස් දෙනෙකු ධූරයෙන් ඉවත් කෙරුනේ සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් පත්කරන ලද කමිටුවක නිර්දේශ මත බව එම සංවිධානය පෙන්වා දෙයි. වෛද්‍ය ආඥා පනතේ 15වැනි වගන්තියට අනුව වෛද්‍ය සභාවේ සාමාජිකයෙකු ඉවත් වන්නේ ඔහු තම ඉල්ලා අස්වීම ලිඛිතව ජනාධිපතිවරයාට හෝ රෙජිස්ටාර් වෙත යැවීමෙන් පසුවයි.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ගනු ලබන සියලුම තීරණ සාමූහික වගකීමෙන් යුතුව ගනු ලබන අතර එය සමස්ත සභාවේ හෝ බහුතර ඡන්දයෙන් සිදුකරන නිසා සභාවේ සාමාජිකයන් ඊට බැඳී සිටින බවද එම නිවේදනයේ දැක්වේ. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ අදාළ කමිටුව විසින් ගත් තීරණ පිළිබඳව නැවත සලකා බලන ලෙසයි.