ශිෂ්‍යත්ව විභාග ගැන ජනාධිපතිවරයා කළ ප‍්‍රකාශය අසත්‍යයක්!

ජනාධිපතිවරයා විසින් ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීම පිළිබද ප‍්‍රකාශ නිකුත් කළද ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම් ආර්.එම්.එම්. රත්නායක අවධාරණය කරයි.

අතිරේක ලේකම්වරයා මෙම අදහස් පළ කළේ රූපවාහිනි වැඩසටහනට එක්වෙමිනි. ඊයේ:25* පස්වරුවේ පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ උත්සවයකට සහභාගිවෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කළේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට කටයුතු කරණ බවයි. එහෙත් ජනාධිපතිවරයා කියන ආකාරයේ තීන්දු අධ්‍යාපන අමාත්‍යංශය විසින් ගෙන ඇත. ශිෂ්‍යත්ව විභාගය හේතුවෙන් දරුවන්ට මුහුණ දීමට සිදුව ඇති පීඩාවන් පිළිබඳ අවදානය යොමු කරමින් තමන් විසින් මෙම තීරණයට එළඹි බව ජනාධිපතිවරයා සඳහන් කරන්නේ ජනප‍්‍රිය දේශපාලන සූත‍්‍රයක් ලෙස බව දේශපාලන විශ්ලේෂකයන් විසින් කරුණු දක්වා ඇත. ජනාධිපතිවරණයේ වාසිය සදහා මෙවැනි ප‍්‍රකාශ නිකුත් කිරීමෙන්ම ජනාධිපතිවරයා අසත්‍ය ප‍්‍රකාශ නිකුත් කරන බව හා තමන් සතු බලය අනිසි ලෙස භාවිත කරන බවට කරුණු අනාවරණයවන බව ඔවුහු පේන්වා දෙති.

Chandana Sirimalwatte :