Posted on 05.18.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
කෝවිඩ් වසංගතය හමුවේ වසරකට වැඩි කාලයක් කඩාකප්පල් වී ඇති දරුවන්ගේ අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කළ හැකි යෝජනාවලියක් ඒකාබද්ධ ගුරු සේවා සංගමය විසින් අධ්‍යාපන අමාත්‍යාංශයට බාරදීමට අද (18) දින කටයුතු කෙරිණි.
වසංගත තත්ත්වය උග්රවීම හේතුවෙන් මේ වනවිට පාසල් පද්ධතිය වසා දැමීමට සිදුවී ඇති අතර නැවත විවෘත කිරීම සම්බන්ධයෙන්ද දින වකවානු ප්‍රකාශ කළ නොහැකිය.
පහුගිය අවුරුද්ද ගත්විට මාස ගණනාවක් පාසල් වැසී ගිය අතර, පාසල් පැවැත්වුණේ දින 70 කටත් අඩු කාලයකි. මෙවැනි තත්ත්වයක් යටතේ පාසල් පවත්වාගෙන යාමට ආණ්ඩුවට වැඩපිළිවෙළක් තිබිය යුතු වුවත් සිදුවන්නේ කිසිඳු වගවිභාගයකින් තොරව, රටේ බහුතරයක් දරුවන්ට හා ගුරුවරුන්ට තාක්ෂණික මෙවලම් හා අන්තර්ජාල පහසුකම් නොමැතිව මාර්ගගත අධ්‍යාපනයට බලකිරීමයි. එහි ප්‍රතිපලයක් ලෙස සාතිශය බහුතරයක් සිසුන්ට නිසි අධ්‍යාපනයක් ලැබීමට අවස්ථාවක් නැත. මෙවැනි තත්ත්වයක් යටතේ ජාත මට්ටමේ විභාගද පැවත්වද්දී සිදුවන්නේ රටේ බහුතරයක් දරුවන්ගේ අධ්‍යාපන අයිතිය උදුරාගැනීමයි.
මේ කරුණු සළකා බලමින් ඒකාබද්ධ ගුරු සංගමය විසින් සිය යෝජනාවලිය සකස්කර ඇත.