Posted on 06.18.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ලබන 21 වෙනිදා අලුයම 4.00 ඉවත්කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි.
නැවතත් 23 වෙනිද රාත්‍රී 10.00 ට සංචරණ සීමා පනවන බවත් 25 වෙනිදා අලුයම 4.00 දක්වා එය ක්‍රියාත්මක වන බවත් හමුදාපති සඳහන් කර තිබේ.
සංචරණ සීමා ඉවත් කළද පළාත් අතර සංචරණය තහනම් බවත් රැස්වීම්, සාද උත්සව සංවිධානයද කළ නොහැකි බවත් යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සදහන් කර තිබේ.