සන්නද්ධ ඩ්‍රෝනා යානා 48ක් චීනයෙන් පාකිස්ථානයට

සිය කලාපීය සමීප මිතුරාවන පාකිස්ථානයට චීනය විසින් සන්නද්ධ ඩ්‍රෝන යානා 48 විකුණා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කිව්.එම් 9 නමින් හැදින් වෙන මෙම අති නවීන උපකරණ සහිත ඩ්‍රෝන යානයක මිල ඩොලර් මිලියනයක් බවට විශ්වාස කෙරේ.

මෙම යානා දෙරට අතර ඒකාබ්ද්ධ නිෂ්පාදනයක් ලෙස පවතින අතර පසුගියදා සිය ප්‍රතිවාදියා වන ඉන්දියාවට එ.ජනපදය විසින් ඩ්‍රෝන යානා ගණනාවක් විකිණිමෙන් පසුව මෙසේ පකිස්තානයද මෙම අවි ලබා ගෙන තිබේ.

මේ වන විට පාකිස්තානයට අවි ලබා දෙන ප්‍රධානතම විකුණුම්කරුවා බවට පත්ව ඇත්තේ චීනයයි.

පසුගිය දිනක නව පාකිස්තාන අගමැතිවරයා ලෙස පත්වූ ඉම්රාන් ඛාන් ඉන්දියාව සමග ඉක්නින් සාකච්ඡා ආරම්භ කිරීමට අදහස් කර ඉන්දියාවෙන් ඒ පිළිබදව කළ ඉල්ලීම ඉන්දියාව නොසලකා හැර තිබුනි.

Madanayaka :