ජනාධිපතිවරණයක් පිළිබඳව විවිධ කතා නිර්මාණය කරමින් මේ වන විටත් පැවැත්විය යුතුව ඇති පළාත් සභා මැතිවරණය කල් දැමීමට ඇතැම් පිරිස් කටයුතු කරමින් සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.
ඔහු මේබව සඳහන් කර සිටියේ ඊයේ(13) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පළාත් සංවිධායකවරුන් සමඟ පැවති සකච්ඡාවකදියි.
මේ වන විට පළාත් සභා 06 ක කටයුතු අකී‍්‍රය වී තිබෙන අතර එය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට කිසිසේත් හිතකර තත්ත්වයක් නොවන බවත් 13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් අපේක්ෂා කළ අරමුණුවලට ද පටහැනි බව සඳහන් කළේය.
ජනාධිපතිවරණයක් ගැන කථා කරන අය ඊට පෙර පළාත් සභා මැතිවරණයකට සූදානම් විය යුතු බව සඳහන් කළ ජනාධිපතිවරයා තමන් ඒ පිළිබඳ මේ වන විටත් මැතිවරණ කොමසාරිස්වරයා සමග සාකච්ඡා කර තිබෙන බව ද කියා සිටියේ ය.