Posted on 04.21.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
අන්තර්ජාලය ඔස්සේ සිදුවන අසත්‍ය සහ නොමඟ යවන සුලු පුවත් හා ප්‍රකාශ පාලනය කිරීම සඳහා නීති පැනවීමට කැබිනට් අනුමැතිය හිමි වී ඇත.
අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ එම්.යූ.එම්. අලි සබ්රි සහ ජනමාධ්‍ය ඇමැති ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මෙම ඒකාබද්ධ යෝජනාව ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව අදාළ කාර්යය සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස්දීමට අවශ්‍ය අවාසරය ලැබී ඇත.
එම කැබිනට් යෝජනාවේ දක්වා ඇත්තේ අන්තර්ජාලය මගින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම හේතුවෙන් බරපතල තර්ජනයක් නිර්මාණය වී ඇති බවයි
එය සමාජය බෙදීමට, වෛරය පැතිරවීමට සහ ප්‍රජාතාන්ත්‍රික ආයතන දුර්වල කිරීමට යොදාගනු ලබන බව පෙනී ගොස් ඇති බව දක්වා තිබේ.
කෙසේවෙතත් දේශපාලන ක්‍රියාකාරීන් , මානව හිමිකම් ක්‍රියාකාරීන් අනතුරු අඟවමින් සිටින්නේ මේ හරහා මාධ්‍යවේදීන් ඇතුළුව ආණ්ඩුවට විරුද්ධව මත දක්වන්නන් මර්දනය කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක විය හැකි බවයි.