ආණ්ඩුව විසින් කිසිදු සහනයක් නොදෙන නිසා රේගු නිලධාරීන්ගේ  අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියා මාර්ගය දිගටම ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇතැයි  රේගු නිලධාරීන්ගේ සංගමය පවසයි.
රේගු වෘත්තිය සමිති සහ මුදල් ඇමැති අතර ඊයේ (1) පැවැති සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වීම නිසා  මෙම ක්‍රියාමාර්ගය ගැනීමට තීරණය කළ බවද ඔවුහු පවසති. ශ්‍රී ලංකා රේගුවේ  අධ්‍යක්ෂක ජනරාල්වරිය ලෙස කටයුතු කළ පී.එස්.එම් චාල්ස් ඉවත්කර ඇය වෙනුවට  නාවික හමුදාවේ විශ්‍රාමික රියර් අද්මිරාල් ශමිල් ප්‍රනාන්දු පත් කිරීමට විරෝධය දක්වා ඇරැඹු මෙම වර්ජනය දින තුනක් ඇදීයාම හේතුවෙන්  භාණ්ඩ නිශ්කාශනය කිරීම ඇතුළු සියළු වැඩ කටයුතු ඇන හිට  තිබේ..