Posted on 11.27.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ඊයේ (26) පොලිස් විශේෂ කාර්ය බලකායේ මෙහෙයුමක් අතරතුර ඇති වූ වෙඩි හුවමාරුවකින් සැකකරුවන් දෙදෙනකු මිය ගිය බව පොලිසිය නිවේදනය කරයි.
මෙම වෙඩි හුවමාරුව සිදු වූ බව පොලිසිය පවසන්නේ කොට්ටාව, රුක්මල්ගම පාර අධිවේගී මාර්ගයේ ගුවන් පාලම යටදීය. පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබලුන් කණ්ඩායමක් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදි මෙම සිදුවීම හටගත් බවද ප්‍රකාශිතය. සැකකරුවන් විසින් පොලිස් විශේෂ කාර්ය බලකා සෙබලුන් වෙත වෙඩි තැබූ අවස්ථාවේදි එල්ලකළ ප්‍රති ප්‍රහාරයෙන් සැකකරුවන් දෙදෙනෙකු තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුලත් කළ බවද දෙදෙනාම මිය ගිය බවද පොලිසිය පවසයි. මෙසේ මරණයට පත්ව ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකු බව කියන ‘හබරකඩ වසන්ත‘ සහ ‘මීගොඩ උපුල්‘ යන අය බව හඳුනාගෙන ඇත.
හබරකඩ වසන්ත යන අය මීට මාස කිහිපයකට පෙර මාතර නගරයේ රන් භාණ්ඩ ආයතනය කොල්ලකෑමට පැමිණි සැකකරුවෙකු බව පොලීසිය පවසයි. සැකකරුන් සන්තකයේ තිබි මැෂීන්ගන් වර්ගයේ තුවක්කුවක් මයික්‍රෝ වර්ගයේ පිස්තොල අවියක් පොලිසිය විසින් සොයාගෙන ඇත.
මේ අකාරයට සැකකරුවන් සමග වෙඩි හුවමාරුවක් ඇති වූ නිසා ඔවුන් මියගිය බව ප්‍රකාශ කරන නමුත් ඇතැම් අවස්ථාවලදී මාංචු පිට සැකකරුවන් පොලිසිය වෙත බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ බවට හෝ වෙඩි තැබූ බව පවසනු ලබයි. එහිදී සිදුවන්නේද සැකකරු මරණයට පත්වීමය. මහින්ද රාජපක්ෂ පාලනය සමයේ පාතාල මර්දනය මුවාවෙන් මෙවැනි සැකකරුවන් මරණයට පත් කිරීම් තිස් ගණනක් ජනමාධ්‍ය ඔස්සේ වාර්තා විය. මෙම මිනිස් ඝාතන පිළිබද පොලිසිය ප්‍රකාශ කරන කරුණු පිළිගන්නා තත්වයක් නිසා අධිකරණය හමුවේද පවා ප්‍රශ්න නොකරන තත්වයක් පවතී. එසේ වුවද පොලිස් නිලධාරින් විසින් ගිනි අවි ආඥාපනත හෝ විෂ වර්ග, අබිං හා අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) පනත යටතේ චෝදනා ඉදිරිපත්කර තමන්ට විරුද්ධ පුද්ගලයන්ට මත්ද්‍රව්‍ය චෝදනා එල්ල කිරීමෙන් අත්අඩංගුවට ගන්නා ආකාරය රහසක් නොවේ. ගාල්ල බෝගහගොඩ රබර් කර්මාන්ත ශාලාවේ පරිසර හානිය පිළිබද විරෝධතා පැවැත්වූ ප්‍රෙද්ශවාසියකුගේ නිවස අසළ බෝම්බයක් දමා ඔහු පොලිසිය විසින් අත්අඩංගුවට ගන්න ලද්දේ කම්හල් හිමිකාර ඩී.එස්.අයි. ආයතනයේ අල්ලස් ගත් ලොසියි විසිනි.