Posted on 03.24.2020 by Chandana Sirimalwatte in කලා with 0 Comments
දරුවන් මෙන්ම වැඩිහිටියන් අතර ජනප්‍රිය ‘සූර පප්පා’ කාටුන් චිත්‍රපට මාලාවට පාදක වූ Asterix and Obelix කාටුන් චිත්‍රකතා මාලවේ සම-නිර්මාපකයකු වූ ‘ප්‍රංශ ජාතික ඇල්බට් උදෙර්සෝ’ අද(24) අභාවයට පත් විය.
වයස අවුරුදු 92ක් වූ මේ අපූරු නිර්මාණ ශිල්පියා රාත්‍රි නින්දේ හටගත් හාදයාබාධයකින් මිය ගිය බව පවුලේ සාමාජිකයන් පවසා ඇත.
1959දී රෙනේ ගොසිනි සමඟ උදෙර්සෝ විසින් ඇසටරික්ස් හා ඔබලික්ස් යන චරිත දෙක වටා මෙම කාටුන් කතා මාලාව මුල්වරට පළ කළේ Pilote නමැති ප්‍රංශ-බෙල්ජියානු චිත්‍රකතා සඟරාවකය.
පසුව මෙම කතා මාලාව කාටුන් කතා පොත් පෙළක් ලෙස පළ කෙරුනු අතර විවිධ භාෂා ගණනාවකට ඒවා පරිවර්තනය විය. 1977 සහෝදර නිර්මාන ශිලිපී ගොසිනි මිය ගියත් උදෙර්සෝ විසින් 2011 වනවිට මෙම ජනප්‍රිය කාටුන් කතා 38ක් පළකර අවසන් කළේය. නූතන යුරෝපා චිත්‍රකතා කලාවේ පියවරුන් ලෙස උදර්සෝ සහ ගොසිනි සැළකේ. 1927 අප්‍රේල් 25 වැනිදා වයඹදිග ප්‍රංශයේ දී උපන් උදෙර්සෝගේ පියා ඉතාලි ජාතික සංක්‍රමණිකයෙකි.
රෝම අධිරාජ්‍ය යුරෝපයේ ව්‍යාප්ත වෙද්දී ඊට එරෙහිව නිර්භිත ලෙස සටන් වැදුනු බෙල්ජියානු ගෝත්‍රවල වීරත්වය සංකේතවත් කරමින් කාටුන් පෙළ නිර්මාණය කෙරුනු බව ගොසිනි හා උදෙර්සො ප්‍රකාශ කර තිබිණි.
මුල් නිර්මාණකරුවන් මිය ගියද ඔවුන්ගේ චිත්‍ර කතා පොත්වලටද ඔබ්බෙන් කාටුන් චිත්‍රපට තුළින් ‘සූර පප්පා සහ ජිම් පප්පා’ ලෙස ලංකාවේදී අප හඳුනාගත් චරිත පරම්පරා ගණනක් ඉදිරියට පවතිනු ඇත.