Posted on 04.03.2019 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
නාවලපිටිය, මරියවත්ත මංසන්ධියෙන් උඩගම දක්වා දිවෙන මාර්ගය කඩිනමින් ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ඉල්ලමින් ප්‍රදේශ වාසීන් සහ භික්ෂූන්වහන්සේලා කිහිපදෙනෙක් ගෙනගිය උද්ඝෝෂණයක් අවස්ථාවේ භික්ෂූන්වහන්සේ නමකට ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයා පරුෂ වචනයෙන් බැණ වැදී තිබේ.
ඔහු එළෙස බැන වැදී ඇත්තේ විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේ නමක් තම ගැටලුව ඉදිරිපත් කිරීම සඳහා දුරකථනයෙන් ඇමතිවරයා සම්බන්ධ කරගත් මොහොතේදීයි.
මාර්ගයක් සෑදීමට වෙන්කළ මුදල්වලින් රුපියල් ලක්ෂ 500ක් සිදුවූ දෙයක් නොමැති බවද මෙහිදී ඇමතුම ලබාගන්නා හිමිනම ප්‍රකාශ කරයි.
මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් ලක්ෂමන් කිරිඇල්ල ඇමතිවරයා පවසා ඇත්තේ තමන් පිළිතුරු දුන්නේ භික්ෂුන් වහන්සේ නමකට නොව තමන්ට තර්ජනාත්මකව කථා කළ උද්ඝෝෂණකරුවෙකුට බවයි.