Posted on 10.17.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
සයිටම් අර්බුදය සම්බන්ධ ප්‍රශ්නය දැනට අධිකරණයේ විභාග වෙමින් තිබෙන නිසා අධිකරණ තීන්දුව අවසන් තීරණය ලෙස පිළිගැනීමට සිදුවනු ඇති බවද අමාත්‍යවරයා පවසයි.
දැනටමත් විශාල ප්‍රශ්නයක්ව ඇති සයිටම් ගැටලුව තවදුරටත් වර්ධනය වීමට ඉඩනොතබා විසඳුම්දීමට කඩිනම් පියවරක් ගන්නා ලෙස මල්වතු, අස්ගිරි මහනාහිමිවරුන් ලිපියක් මගින් කළ ඉල්ලීමට ප්‍රතිචාර ලෙස ඔහු මේ බව පවසා ඇත.
‘අපි සයිටම් ප්‍රශ්නය ගැන ඕනෑ තරම් කවුරුන් හෝ සමග සාකච්ඡා කරන්න සූදානම්. නමුත් දැන් ප්‍රශ්නය අධිකරණ ක්‍රියාමාර්ගයක් දක්වා ගිහිල්ල තියෙනවා. මහනායක හිමිවරුන්ගේ අනුශාසනා හා ගැන අවධානය යොමු කළත් අධිකරණ තීන්දුව ලැබුණු පසු එම තීන්දුව අනුව අපිට කටයුතු කරන්නට සිදුවනවා“ යනුවෙන් අමාත්‍යවරයා කීවේය.