தமிழ்
English
Contact
Thursday 2nd May 2019    
එක්සත් ජාතික පක්ෂය, එන ඕනැම මැතිවරණයකට ඔට්ටුයි! - ලක්ෂ්මන් කිරිඇල්ල | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

එක්සත් ජාතික පක්ෂය, එන ඕනැම මැතිවරණයකට ඔට්ටුයි! – ලක්ෂ්මන් කිරිඇල්ල



එක්සත් ජාතික පක්ෂය එළඹෙන ඕනෑම මැතිවරණයකට සුදානම් බවත් මැතිවරණ හමුවේ පැන යන පක්ෂයක් නොවන බවත්  රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.
ඔහු මේ බව පැවසුවේ වතුකම්කරු පවුල් සදහා  ඉඩමක අයිතිය ලබාදීමට මහනුවර පුපුරැස්ස ලෙවලන් වතුයායේ පැවති වතු යායේ  උත්සවයකට ඊයේ(28) එක්වීමෙනි. එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ ඇමතිවරයා ලබන වසරේ ජනාධිපතිවරනයක් එන බවත් ඊට පෙර පළාත් සභා මැතිවරණය එන බවත් පලාත් සභා මැතිවරණ ක්‍රමයයේ ගැටලු ඇතිි බවත් ඒ පිලිබදව සීමා නිර්ණ පනත පාර්ලිිමෙින්වෙ සියලුම  පක්ෂ එය ප්‍රතික්ශේප කළ බවත් එම නිසා දැන් ඒ සදහා වෙනත් ක්‍රමයක් අනුගමනය කළ යුතු බවත්ය.

එ.ජා.ප. පළාත් පාලන මැතිවරණය අවාසිදාය නිසා එය කල්දැමීමේ අවසානයේ එහි වාසිය විපක්ෂයේ මහින්ද පාර්ශ්වයට ලබාදුන් අතර පලාත් සභා මැතිවරණ කල්දැමීමට සීමා නිර්ණ පනත පරාජය කරවීය. මේ වනවිට ජනාධිපතිවරයා ඉක්මන් මැතිවරණයකට යාමේ අදහසකින් කටයුතු කරන බව එ.ජා.ප. විසින් වටහාගෙන මෙවැනි ප්‍රකාශ නිකුත් කරන බව පෙනේ. මීළග වර්ෂය ආරම්භයේ නැවත ජනාධිපතිවරණයක් කැදවනු ලබන්නේ නම් එය මහින්ද ඇතුළු විපක්ෂයට අවාසිදායක වන අතරම ආණ්ඩුවේ පාර්ශ්ව දෙකටද වාසිදායක නැත. එහෙත් අවම හානි ගෙන දෙන්නේ මහින්ද රාජපක්ෂට හෝ ගෝඨාභය රාජපක්ෂට ඉදිරිපත් වන්නට නොහැකි ලෙස ඉක්මන් ජනාධිපතිවරණයක් කැදවීම බව එ.ජා.ප. කල්පනා කරන බව මෙයින් පැහැදිලි වේ.