Posted on 10.22.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
අධ්‍යාපන ඇමති කිරිඇල්ල තම දරුවන්ගේ ජීවිත බිල්ලට දී ඇති බව සයිඉම් මවුපිය සංගමයේ ගැමුණූ විජේරත්න පවසයි.
අද (22) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු කීවේ සයිටම් ආයතනයට අදාළ තත්ව පරික්ෂාව සහ අනුකූලතා සහතික නිකුත් කිරීම පිණිස ආයතනයක් නම් කිරීම උසස් අධ්‍යාපන අමාත්‍යංශය විසින් පැහැර හැර ඇති බවයි. අවුරුදු 9කට පසුව සයිටම් ආයතනය සම්බන්ධව කරන විපරමකදී මෙවැනි දෙයක් හෙළිදරව් කරගැනීම පිළිබදවද ඔහු චෝදනා කළේය. සයිටම් ආයතනය සදහා තම දරුවන් ඇතුළත් කළ බවද එම ආයතනයේ අධ්‍යාපනය ලබා උපාධී ලබා ගැනීම සම්බන්ධව වගකිව යුත්තේ ආයතනය උපාධි ආයතනයක් ලෙස කටයුතු කරන්නට ඉඩ දුන් උසස් අධ්‍යාපන අමාත්‍යංශය බව ඔහු එහිදී අවධාරණය කළේය.