Posted on 01.17.2018 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
පේරාදෙණිය සරසවි සමසෞඛ්‍ය විද්‍යා පීඨ සිසුන්ගේ සායනික පුහුණුව සඳහා ආසන්තම රෝහල් මගහරිමින් දුර පළාත්වල පිහිටි රෝහල් වෙත යොමු කිරීමට එරෙහිව අද(17) දින එම සිසුන් විසින් කොළඹදී විරෝධතා පා ගමනක නිරත විය.
කොළඹ කොටුව, දුම්රිය ස්ථානයෙන් ආරම්භ කරන ලද මෙම පා ගමන කොළඹ පුරහළ ඔස්සේ වෝර්ඩ් පෙදෙස පිහිටි උසස් අධ්‍යාපන අමාත්‍යංශය වෙත පැමිණ එහිදී උද්ගෝෂණයක් ද සංවිධානය කර තිබුණි.
සිය පුහුණුව වෙනුවෙන් දුර ප්‍රදේශ වල පිහිටි රෝහල් වෙත යාමට සිදු වීම හේතුවෙන් දුෂ්කරතා රාශියකට මුහුණ දීමට සිදු වන බැවින් සරසවිය ආශ්‍රිතව පිහිටි පේරාදෙණිය, මහනුවර වැනි රෝහල් සිය සායනික පුහුණුව සඳහා ලබා දෙන ලෙස ආණ්ඩුවට බලකරමින් මෙලෙස විරෝධතාවයේ නිරත විය.
මින් පෙරද අවස්ථා ගණනාවකදීම මේ සඳහා විසඳුම් ලබා දෙන පාර්ශව කිහිපයක් විසින්ම ලෙස ආණ්ඩුවට බලපෑම් කර තිබුණු අතර මේ වන තෙක් අදාළ ගැටළුව විසදීම වෙනුවෙන් මැදිහත් වීමට ආණ්ඩුව අපොහොසත් ව ඇත.
