අගෝස්තු 6 වැනිදා ආරම්භවන අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයේදී යුද හමුදා සොල්දාදුවන් විභාග මධ්‍යස්ථාන අවට රාජකාරියේ යෙදවීමට අධ්‍යාපන බලධාරින්ගේ යෝජනාවක් ඉදිරිපත්ව තිබේ.
විභාග අපේක්ෂකයන් විසින් ජංගම දුරකථන භාවිත කරන බැවින් ඒවා අක‍්‍රිය කරන්නට දුරකථන අවහිර කිරීමේ තාක්ෂණික සහාය වෙනුවෙන් යුද හමුදාවේ සංඥා බලකායේ හා ඉංජිනේරු බලකායේ සෙබලුන් මෙසේ යොදවන්නට අපේක්ෂිතය.