ATG අරගලය පාවා නොදෙනු – කොළඹදී විරෝධතා!

සේවයෙන් නෙරපන ලද කම්කරු ක්‍රියාකාරින් යලි සේවයේ පිහිටුවන ලෙස බලකරමින් කටුනායක නිදහස් වෙලඳ කලාපයේ ATG Ceylon කම්හලේ කම්කරුවන් ගෙන යන අරගලයේ පියවරක් ඉදිරියට තබමින් ඊයේ(14) වැනිදා ඔවුන් විසින් කොලඹ දී විරෝධතාවක් සංවිධානය කරන ලදී.

කොලඹ ලිප්ටන් වටරවුමේ සිට මහජන පුස්තකාල ශාලාව දක්වා පාමනින් පැමිනි කම්කරු උද්ඝෝෂනයට ATG කම්කරුවන් සමග කම්හල් කීපයක කම්කරුවෝ 600 ක් පමණ සහභාගි වූහ.

ආරක්ෂක අත්වැසුම් නිෂ්පාදනය කරන බ්‍රිතාන්‍ය-ශ්‍රී ලංකා හවුල් ව්‍යාපාරයක් වන
ATG සමාගමට අයත් සේවකයන් 6 දෙනකු සේවයෙන් නෙරපා හැරීමෙන් පසුව එම නෙරපා හැරීම වැරදි බව තීරණය කරමින් ඔවුන් යළි සේවයේ පිහිටුවන්නට කම්කරු අධිකරණය දුන් තීන්දුවද පාලකයන් ඉවත දමා ඇත. “‍ආයතනයේ දේපල අනිසිලෙස භාවිතා කිරීම”‍ යන සාවද්‍ය චෝදනාව යටතේ ATG පාලකයන් විසින් ජනවාරි 11 වෙනිදා සමිති ක්‍රියාකාරීන් 6 දෙනෙකු සේවයෙන් නෙරපා දමන ලදි. මෙම අයුක්ති සහගත පියවරට එරෙහිව ඒටීජී කම්කරුවන් එදිනම ආරම්භකල වර්ජනය මේ වනවිට සති 6ක් ගෙවී තිබේ.

වෘත්තීය සමිතියක් පිහිටුවාගෙන දෙවසරක් ගත වීම නිමිත්තෙන් 2015 නොවැම්බර් මාසයේ සංවිධානය කළ ලේ දන්දීමේ වැඩපිලිවෙලක් සම්බන්ධ දැන්වීමක් පළ කිරීම සේවකයන් 6 දෙනා ඉවත් කිරීමට හේතුවය. ආයතනය පරිශ්‍රය තුළ කම්කරුවන්ගේ නිවේදන හා නිර්මාන ප්‍රසිද්ධ කරන බිත්ති පුවත්පතක ඒ බව ප්‍රසිද්ධ කිරීම කම්කරු ක්‍රියාකාරින්ට එල්ල කරණ ලද ව්‍යාජ චෝදනාය. මුලින්ම කම්කරුවන් 11 දෙනෙකුට මෙම චෝදනාව ඉදිරිපත් කර ඉන් 5 දෙනෙකු විවිධ බොරු චෝදනා මත සේවයෙන් ඉවත්කර දමා ඇත.

Chandana Sirimalwatte :