தமிழ்
English
Contact
Saturday 18th August 2018    
ලොකුම කුඤ්ඤය ගැහුවෙ ගලගොඩ අත්තේ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ලොකුම කුඤ්ඤය ගැහුවෙ ගලගොඩ අත්තේ!



රාජපක්ෂ පාලනය හා මුස්ලිම් ප්‍රජාව අතර පරතරයක් අැතිවන අාකාරෙයන් කුඤ්ඤ ගැසීමට දේශීය හා විදේශීය බලවේග ක්‍රියා කළ බවත් සමහර කාරනා සම්බන්ධයෙන් වෙනස් අාකාරයෙන් කටයුතු කරන්නට හැකියාව තිබුණු බවත් ගෝඨාභය රාජපක්ෂ පවසයි.
මහින්ද රාජපක්ෂ පාලනය බිද වැටීමට හේතු වූ මර්දනකාරී බලය පවත්වා ගෙන ගිය රාජපක්ෂ සහෝදරයා ලෙස ගෝඨාභය මෙම ප්‍රකාශය සිදු කළේ පසුගිය 8 වැනිදා කොළඹ ගාලු මුවදොර හෝටලයේ පැවැත්වූ මුස්ලිම් ප්‍රභූවරුන්ගේ ඉෆ්තාර් උත්සවයකට සහභාගි වෙමිනි. ජාතික මුස්ලිම් ඒකමුතුව යන නමින් කැදවන ලද මෙම සංස්කූතික උත්සවයේදී හිටපු අාරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා පවසා අැත්තේ දේශිය වශයෙන් හා විදේශීය වශයෙන් ක්‍රියාත්මකවන බලවේග විසින් රාජපක්ෂ රෙජීමය පරාජය කිරීමට වැඩ කටයුතු කළ බවත් අැතැම් සංවිධාන මුස්ලිම් ජනයා සහ තම සහේදරයාගේ පාලනය අතර විරසකභාවයක් අැති කිරීමේ අරමුණින් වැඩ කළ බවත්ය.
මෙම ප්‍රකාශය අනුව, මුස්ලිම් ප්‍රජාවට අනාරක්ෂිතභාවයක් අැති කිරීමේ ක්‍රියාමාර්ග ගන්නා ලද අන්තවාදි සංවිධාන ලෙස රාජපක්ෂ රෙජීමය සමයේ බලවත් වූ බොදුබල සේනා සංවිධානයට මෙම චෝදනාවෙන් ගැලවිය නොහැකිය. ඒසේම මහින්ද රාජපක්ෂගේ පාලනය තුල ජාතිවාදී අන්තවාදී මත වපුරමින් ක්‍රියාත්මක වූ සහ ප්‍රචණ්ඩ ක්‍රියාවලට සහභාගි වූ සිහල රාවය, රාවණා බලය, මහසෝන් බලකාය වැනි සංවිධානද ඒම වගකිම භාරගත යුතුව අැත. ගෝඨාභය රාජපක්ස පවසන අාාකරයට මුස්ලිම් ප්‍රජාව අතර භීතිය පතුරුවා රාජපක්ෂ පාලනය සමග මුස්ලිම් ජනයාගේ පිළිකුළ අැතිකිරීමේ ක්‍රියාකාරි වැඩ කොටස මෙවැනි සංවිධාන හරහා සිදු විය. ඒහෙත් ගැටලුව වන්නේ විදේශීය බලවේගද මෙම ක්‍රියාවලියට සම්බන්ධ බව පැවසීමය. චීනය සමග සමීපව කටයුතු කළ රාජපක්ෂ රෙජීමය පෙරලා දමන්නට අවශ්‍යතාවයක් අැතිව ක්‍රියාත්මක වූ විදේශීය බලවතුන් වන්නේ ඒක්සත් ජනපදය හා ඉන්දියාව නියෝජනය කරන බල අක්ෂයයි. ඒ් අනුව ගෝඨාභය රාජපක්ෂ තවමත් පුරවැසිභාවය ලබා සිටින ඒක්සත් ජනපදය ඔහු කියන කුඤ්ඤ ගැසීමේ ක්‍රියාමාර්ග සදහා චෝදනාවට ලක් වේ.
ඉදිරි දේශපාලන බල පොරයේදී ජනාධිපතිවරන අපේක්කෂත්වයට සූදානම්වන ගෝඨාභය රාජපක්ෂ ගයන්නට සූදානම්වන බයිලාව පැහැදිලිය. අාරක්ෂක ලඅමාත්‍යංහයේ ලේකම් ලෙස තම බලය පවතිද්දී ඔහු බොදුබල සංවිධාන වැනි අන්තවාදීන් සමග සුහදතාවයෙන් කටයුතු කළ අතර බොදුබල සේනා සංවිධානයේ මධ්‍යස්ථාන විවෘත කිරීමේදී ප්‍රදාන අාරාධතියා වූයේද ඔහුමය. මහින්ද රාජපක්ෂ රෙජීමය සමග වැඩ කළ මෙම අන්තවාදින් ප්‍රචණ්ඩ ලෙස මුස්ලිම් ප්‍රජාවට ඒරෙහි සැහැසිකම් කරන විට ගෝඨභය රාජපක්ෂ යටතේ සිටි කිසිදු අාරක්ෂක අංශයකින් ඊට බාධා ඒල්ල වූයේ නැත. ඒහෙත් අන්තවාදී ප්‍රචණ්ඩතත්වය නිසා මුස්ලිම් හා දෙමළ ජනතාව අතර රාජපක්ෂ පාලනය සම්බන්ධ අවසන් අපේක්ෂා පවා අවසන් කරන ලදී. ඒපමණක් නොව සිංහල බහුතර ජනතාවටද තැන තැන මිනිමරණ, අාරක්සක අංහ යොදවා පැහැරගැනීම් කරන, සුදුවෑන් ෙරජීමයේ පාලනය ඒපා වී මෙෙත්‍රිපාල සිරිසේන වැනි තවත් දුර්වල පුද්ගලයකුට වුවද ඡන්දය ප්‍රකාශ කරන ලදී. ඒ් නිසා ගෝඨභය රාජපක්ෂ අද වනවි ජනාධිපති අපේක්ෂකත්වයට අැති සිය අපේක්ෂා නොසගවමින් මේ කරන බයිලා ගායනය සමාජයක් ලෙස හෙළා දැකිය යුතුය.