தமிழ்
English
Contact
Saturday 4th May 2019    
20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට ජ.වි.පෙ. සතු සැබෑ අරමුණ හෙළි වේ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට ජ.වි.පෙ. සතු සැබෑ අරමුණ හෙළි වේ!



20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒ්මෙන් ජනතා විමුක්ති පෙරමුණ කුමකට සැරසෙන්නේදැයි ප්‍රශ්නයක් අැති බවට පසුගිය දිනවල දේශපාලන පිටියේ අැතැමුන් ප්‍රශ්න කළද මේ වනවිට ඒහි අැත්ත අරමුණ අනාවරණය වෙමින් තිබේ.
20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති නියෝජිතයන් දැනුවත් කිරීම සඳහා කොළඹ මහජන පුස්තකාලීය ශ්‍රවණාගාරයේ දී ඊයේ (13) සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයේදී ජනතා විමුක්ති පෙරමුණේ නායකයා මේ බව හෙළිදරව් කළේය.
ඔහු පවසන අාකාරයට තම පක්ෂය ගෙන අා ව්‍යවස්ථා සංශෝධන යෝජනාව සම්මත කළ හොත් වඩාත් වාසියදායක වන්නේ මහින්ද රාජපක්ෂට වන අතර අවාසිය හිමිවන්නේ රනිල් වික්‍රමසිංහටය. ඔහු ඒ් සම්බන්ධව සම්මන්ත්‍රණයේදී පළ කළ අදහස් මෙසේය.
“20 සම්මත වුනාම රනිල්ට මොකද වෙන්නේ. 20 ක‍්‍රියාත්මක වුණාම, අපි යෝජනා කරන විදියට 2020 පෙබරවාරි මාසේ 08 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවනවා. එතකොට 2020 සැප්තැම්බර් වෙනකල් තියෙන්න ඕන ආණ්ඩුව 2020 පෙබරවාරි මාසෙ අවසන් වෙනවා. ඇත්තටම වෙන්නේ මාස 7කට කලින් රනිල්ගේ ආණ්ඩුව අවසන් වෙන එකයි.”
තමන් පක්ෂයක් ලෙස 2020 ජනාධිපතිවරණය දක්වා ගෙන යමින් තිබෙන ප්‍රචාරක ව්‍යාපාරයේදී ජ.වි.පෙ. මීළග ඉලක්ක සාක්ෂාත් කරගැනීම රැදී තිබෙන බව පැහැදිලිය. ඒහෙත් විශාල බරක් දෙමින් ගෙන යන ඒම දේශපාලන ව්‍යාපෘතියේ දිශානතිය ගෙස දක්නට අැත්තේ නැවත වරක් මහින්ද රාජපක්ෂ හෝ ගෝඨාභය රාජපක්ෂ වෙත බලය හුවමාරු වන තත්වයකට පාර කැපීම බවද ජ.වි.පෙ. නායකයාගේ අදහස් දැක්වීමෙන් අනාවරණය විය. ඒ් බව ජ.වි.පෙ. නායකයා ප්‍රකාශ කළේ මෙසේය.
“මහින්ද රාජපක්ෂට දැන් තියෙන ව්‍යවස්ථාව අනුව රටේ නායකයා වෙන්නත් බැහැ ආණ්ඩුවේ නායකයා වෙන්නත් බැහැ. නමුත් විස්සට අනුව මහින්දට ආණ්ඩුවේ නායකයා වෙන්න පුළුවන්. මොකද 20වැනි සංශෝධනය අනුව ආණ්ඩුවේ නායකයා වෙන්නේ අගමැතිවරයායි. ඒ නිසා කාට හරි කියන්න පුළුවන් මේක මහින්දගේ වුවමනාවක් කියලා. දැන් තිබෙන ව්‍යවස්ථාවට අනුව මහින්දට අගමැති වෙන්නත් බැරි බවට නීති තර්කයක් තිබෙනවා. දැන් ව්‍යවස්ථාව අනුව කුමන හෝ හේතුවක් මත ජනාධිපති ධුරය හිස් වුවහොත් අගමැතිවරයා තමයි ජනාධිපති වෙන්නේ.”

මේ අාකාරයට 20වැනි සංශෝධනයට මහින්ද රාජපක්ෂ පක්ෂපාති වූ අැත්ත අර්ථය ජනතා විමුක්ති පෙරමුණ වටහා ගෙන අැති අතර 20 වැනි සංශෝධන කෙටුම්පත ප්‍රසිද්ධ කිරීමේදී අරමුණ ලෙස ප්‍රකාශ කෙරුණේ විධායක බලය අහොසි කිරීම වුවද ඒ් යටතේ වැඩිම වාසිය හිමිවන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට බැවින් ඒය ඉදිරි දේශපාලන ඉලක්ක සහිත යෝජනාවක් ලෙස සැලකිය හැකිය.