තමා ඝාතනය කිරීමේ සැලැස්මක් පොලිසිය අනාවරණය කරගෙන ඇති බවද මේ පසුබිම යටතේ තම ජීවිතය අනාරක්ෂිත බවද ප්‍රවීණ මෝටර් රථ ධාවන ක්‍රීඩක ඩිලන්ත මාලගමුව පවසයි.
ඉඩම් ප්‍රශ්නයක් මත ඩිලන්ත මාලගමුව ඝාතනය කිරීමේ කොන්ත්‍රාත්තුවක් ප්‍රාදේශීය දේශපාලඥයකු විසින් දැනට බන්ධනාගාර ගතව සිටින සිරකරුවකුට භාරදී ඇති බවද හිටපු මෑතකදී අත්අඩංගුවට ගැණුනු පාතාල සාමාජිකයෙකුගෙන් ප්‍රශ්න කිරීමේදී මේ කරුණු හෙළිවී තිබේ.
මේ අනුව පොලිසිය මෙම ඝාතන සැලසුම ගැන මාලගමුව මහතාට දැනුම් දී ඇත.මාලගමුව මහතා සිද්ධිය පිළිබඳව පොලිසියට පැමිණිලි කර ඇත්තේ ඉන් පසුවය. පොලිසිය මේ හෙළිදරව්කිරීම ගැන දැනුම් දුන් පසුව තමා ඒ පිළිබඳව පොලිසි මූලස්ථානයට පැමිණිල්ලක් කළ බව පවසන ධාවන ශූරයා මේ තත්ත්වය මත තමාගේ ජීවිතය අනාරක්ෂිත හෙයින් රජය මේ ගැන අවධානය යොමු කළ යුතු බවද පවසයි.