தமிழ்
English
Contact
Saturday 4th May 2019    
අාගරපතන වතු නිවාස පෙළක ගින්නෙන් 49ක් අවතැන් ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අාගරපතන වතු නිවාස පෙළක ගින්නෙන් 49ක් අවතැන් !



අද(13දා) උදෑසන ආගරපතන, බැල්මොරල්වත්තේ වතු කම්කරු නිවාස පෙළක හටගත් ගින්නක් නිසා පේළි නිවාස 12ක් ගිනිගෙන විනාශ වී ඇත.
එක නිවෙසක ඇතිවූ ගින්දරක් මෙසේ අනෙක් නිවාසවලට පැතිර ගොස් අැති අතර පොලිසිය හා වතු කම්කරුවන් එක්ව දැඩි පරිශ්‍රමයක් දරා ගින්න නිවා දැමුණි. ඒහෙත් ඒ් වනවිටත් ගින්නට හසුවූ නිවාස 12ක් දැවී විනාශ වී අැති අතර ඒ්වායේ පදිංචිව සිටි පාසල් ළමයි 13 දෙනකුද අැතුළු 49 දෙනකු මේ වන විට අවතැන්ව සිටී.

කදුකර වතු වගාවන් සදහා ශ්‍රමයෙන් දායකවන වතු කම්කරු ජනතාව තමන්ට කියා නිවසක් සහ ඉඩමක් ඉල්ලා සිටින්නේ වසර දසක ගණනාවක සිටය. වතු හිමියෝ මෙම කම්කරු ජනයා පේලි නිවාසවල රදවා ශ්‍රම සූරාකෑම පහසුවෙන් සිදුකරති. වතුකම්කරුවන්ට දිනකට රුපියල් 1000ක වැටුපක් ලබාදීමේ සිට ඔවුන්ගේ ජීවන මට්ටම උසස් කරන්නට අවශ්‍ය වුවද කිසිදු අාණ්ඩුවක් ඒ් වෙනුවෙන් නිසි ක්‍රමවේදයක් සකස් කර නැත.