ඉහළපෙලේ රැඳවියන්ට ඉහළපෙලේ නව සිරමැදිරි

රිමාන්ඩ් බන්ධනාගාරගතවන විශේෂිත පුද්ගලයින් රඳවා තබා ගැනීම සඳහා විශේෂිත වූ සිරමදිරියක් බන්ධනාගාර තුළ ඉදිකිරීමට ආණ්ඩුවේ අවධානය යොමු වී ඇති බව බන්ධානාගාර හා අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරළ සඳහන් කරයි.

මේ තුළින් සැකකරුවන් ලෙස හඳුනාගෙන ඇති විශේෂිත වූ පුද්ගලයින් වෙන් කර තබා ගැනීමටත්, බන්ධනාගරගතවන්නන් අනවශ්‍ය ලෙස රෝහල්ගත වීම වළක්වාලිය හැකි බවත්, කාලයට අනුරූපව මෙවැනි වෙනස්කම් සිදුවිය යුතු බවත් මේ පිලිබඳ වැඩි දුරටත් අදහස් දක්වමින් ඇය පවසන ලදි.

ආණ්ඩුවේ ගමන්මාර්ගය මෙන්ම බන්ධනාගාර තුළ මෙතෙක් අතිශය අසාධාරණ ලෙස රහසිගතව සිදු කරමින් තිබූ විශේෂකොට සැළකීමේ ක්‍රමවේදය තවදුරටත් ඉදිරියට ගෙන යමින් සිටින බවද මේ තුළින් පැහැදිලිව දැකගත හැක. පන්ති පරතරය මනාව විදහා දක්වන මෙවැනි ක්‍රියාමාර්ග තුලින් සියළු පුද්ගලයින් නීතිය ඉදිරියේ සමානව සලකන බව පවසා ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවද බොරුවක් බව නැවතත් තහවුරු කරමින් සිටී.

Lahiru Umayangana :