පේදුරුතුඩුවේ කාන්තාවකගේ මළ සිරුර සහ තුවාල ලබා ලේ තැවරුණු මවක්!

අද(2) දහවල් යාපනයේ  පේදුරුතුඩුව වඩමරච්චි නැගෙනහිර අම්බාන් ප්‍රදේශයේ නිවසකින් 37 හැවිරිදි කාන්තාවකගේ මළ සිරුරක් හා  තුවාලකාරියක් හමුවීමෙන් ප්‍රදේවාසී ජනතාව අතර දැඩි නොසන්සුන් තත්ත්වයක් හටගෙන තිබේ.
නිවසේ තිබුණු මළ සිරුරත් තුවාල කාරියගේ සිරුරත් සම්පූර්ණයෙන්ම ලෙයින් නැහැවී තිබුණු අතර තනිවම ජීවත් වන මවට තදබල ලෙස පහර දී දියණියගේ ගෙළ සිරකොට මරා දමන්නට ඇති බවට පොලීසිය පවසයි.
මියගිය කාන්තාව නල්ලතම්බි රේවතී බව හඳුනාගෙන ඇති අතර තුවාල ලබා ඇත්තේ ඇයගේ මව වන නල්ලතම්බි රාජම්මා නැමත්තියයි. පේදුරුතුඩුව මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මව වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය ශීක්ෂණ රෝහල වෙත යවා තිබේ.
ප්‍රදේශයේ ජනතාව එම ස්ථානයට පැමිණ කලබලකාරී තත්වයක් හටගෙන ඇත.
යුද්ධය අවසන්ව වසර 8කුත් මාස ගණනක් ගෙවී ඇතත් උතුරු හා නැගෙනහිර ප්‍රෙද්ශවල ජනතාව තවමත් භිතියෙන් ජීවත් වෙති. ආරක්ෂක හමුදා කදවුරු හා බුද්ධි අංශ ජාලයක් තවමත් නඩත්තු කරමින් තිබියදී මෙවැනි අපරාධ සිදුවන විට එය ජනතාවගේ ජීවිත මුලුමනින්ම යුද සමයේ කම්පනය හා ප්‍රචණ්ඩ තත්වයට ඇද දමයි.
Chandana Sirimalwatte :