Posted on 03.24.2019 by Awantha Idamegama in දේශීය පුවත් with 0 Comments
පවත්නා වියලි කාලගුණය හේතුවෙන් දිවයිනේ විදුලි සැපයුම අඩු වීම මෙන්ම පරිභෝජනයද ඉහළ යෑම හේතුවෙන් විදුලිය කප්පාදු කිරීමේ කාළ සටහනක් ප්රකාශයට පත් කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය අද(24) දින කටයුතු කර තිබුණි.
මේ අනුව ඛාණ්ඩ 4ක් යටතේ පහත දැක්වෙන අයුරින් ඉරිදා දිනය හැර විදුලිය සැපයුම විසන්ධි කෙරෙන බව පැවසේ.

පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් දිනක දහවල් කාලයේ විදුලි ඉල්ලුම මෙගාවොට් 2350ක් දක්වා වර්ධනය වී ඇති අතර මෙගාවොට් 1950ක සැපයුම් ධාරිතාවයක් පමණක් ලංකා විදුලි බල මණ්ඩලයට ලබා දිය හැකි වීම හේතුවෙන් මෙම ගැටළුව උද්ගත වී ඇත. එමෙන්ම රාත්රි කාලයේ විදුලි ඉල්ලුම මෙගා වොට් 2600 ඉක්මවන අතර මේ දිනවල සැපයෙන ප්රමාණය මෙගාවොට් 2300ක් දක්වා පහත වැටී ඇත.
මෙලෙස පහත වැටෙමින් තිබෙන ජල විදුලි නිෂ්පාදනය ඉහළ නැංවීමේ අරමුණින් පසුගියදා මවුස්සාකැලේ ජල පෝෂක ප්රදේශ වල කෘතීම වැසි ඇති කිරීමේ ක්රියාමාර්ගයක නියැලුණු අතර පසුව ඇති වුනු වර්ෂාවන්ගෙන්ද මේ වනතෙක් ප්රමාණවත් බලපෑමක් කිරීමට සමත් වී නොමැත.
පසුගියදා නොරොච්චෝලේ විදුලි බලාගාරයේ දෙවන ජනන යන්ත්රය අක්රීය වීමෙන් සමස්ත විදුලි සැපයුමට බාධා සිදු වූ අතර ඉන් පසු දිනපතා කිසිඳු පෙර දැනුම්දීමකින් තොරව වරින් වර විදුලිය විසන්ධි කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය කටයුතු කර තිබුණි.
පළමුව බදු ලෙස ද දෙවනුව විදුලි බිල හරහා ගාස්තු ලෙසද ජනතාව මුදල් වැය කරමින් සිටින අතර දෙවරක් මිල ගෙවීමෙන් පසුද අදාළ සේවාවන් නිසි ලෙස ජනතාව වෙත ලබා දීමේ වගවීමක් ආණ්ඩුවලට නොමැති බව වාර්ෂිකව සම්ප්රදායික ලෙස කිසිඳු සැලැස්මකින් තොරව ලබා දෙන විසඳුම් වලින් පිළිඹිබු වේ.