රයන් ජයලත් යලි රක්ෂිත බන්ධනාගාරගත කරයි

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් ලබන මස 11වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අද(31) දින මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය නියෝග කරන ලදි.

පසුගිය ජුනි 21වන දින සෞඛ්‍ය අමාත්‍යංශය තුල සිදු කරන ලද විරෝධතාවකදී පොදු දේපල වලට හානි සිදු කල බවට සෞඛ්‍ය අමාත්‍යංශ අතිරේක ලේකම්වරයා සිදු කරන ලද පැමිණිල්ලක් පදනම් කරමින් මෙලෙස නියෝග කර තිබු අතර මෙම නඩුව හේතුවෙන් මින් පෙර අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු සිසු නායකයින් පස් දෙනෙකු දින 40ක් පුරාවට සිරගත කර තිබුණි.

ආණ්ඩුව තවදුරටත් අයිතීන් වෙනුවෙන් නැගී සිටින බලවේග මර්දනය කිරීම විසඳුම ලෙස සලකමින් අසාධාරණ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම වෙනුවෙන් අත්තනෝමතික ලෙස කටයුතු කරමින් ඇත.

 

Lahiru Umayangana :