தமிழ்
English
Contact
Saturday 4th May 2019    
සබරගමු පළාත් සභා නිලකාලය අවසන් - බලය ආණ්ඩුකාරයා යටතට | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සබරගමු පළාත් සභා නිලකාලය අවසන් – බලය ආණ්ඩුකාරයා යටතට



සබරගමුව පළාත් සභාව නිල කාලය අවසන් වන බැවින් අද (26) මධ්‍යම රාත්‍රියේ විසුරුවා හැරෙන බව පළාත් සභා හා පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා පවසයි.

එහෙත් පෙර මෙන් විසුරුවා හැර මැතිවරණ පැවැත්වීම වෙනුවට මෙම පලාත් සභා මැතිවරණය පැවැත්වීමට කාලයක් ප්‍රමාද වනු ඇත. ඉකුත් සතියේ පාර්ලිමේන්තුවේ සම්මත කළ පනතට අනුව පළාත් සභා මැතිවරණය සමානුපාතික හා කොට්ඨාස මිශ්‍ර ක්‍රමයකට පැවැත්වීමට නියමිත නිසා සීමානිර්ණය කිරීමේ කටයුතු සඳහා මාස හතරක් පමණ ගත වනු ඇති බව පළාත් සභා හා පළාත් පාලන ඇමැතිවරයා විශ්වාසය පළ කලේය. ඉන්පසුව එම සීමා නිර්ණය වාර්තාව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයකින් සම්මත වීමෙන් පසු මෙම පළාත් තුනෙහි මැතිවරණ පැවැත්විය හැකිවනු ඇත. නිල කාලය අවසන් වන පළාත් සභා තුනෙහි මැතිවරණය මාර්තු මාසයේ පැවැත්විය හැකි බව අගමැති රනිල් වික්‍රමසිංහ විසින් කථානායක කරු ජයසූරිය වෙත දැනුම් දී තිබිණි.

ඒ අනුව පළාත් සභාවේ බලය බී.එම්.ආර්.ඒ.ආණ්ඩුකාරවරයා යටතට පත් වේ. එසේම සැප්තැම්බර් 3 වැනිදා උතුරුමැද පළාත් සභාව සහ ඔක්තෝබර් 1 වැනිදා  නැගෙනහිර පළාත් සභාවේ ද  නිල කාලය අවසන් වන බව ඇමැතිවරයා පැවැසීය. නැවත මැතිවරණය පැවැත්වෙන තෙක් එම පළාත් සභා දෙකෙහිද බලතල පළාත් ආණ්ඩුකාරවරුන්ට පැවැරෙනු ඇත.