නිවසක අයිතිය විසදන මුවාවෙන් අාරක්ෂක අංශවල පිරිසක් නිවසට අැතුලු වෙලා !

නිවසක අයිතිය සම්බන්ධයෙන් ගල්කිස්ස ප්‍රදේශයේ මතුවූ ගැටලුවකදී ආරක්ෂක අංශයකට සම්බන්ධ පිරිසක් පැමිණ ඒම නිවසට ඊයේ පස්වරුවේ නොසන්සුන්තාවයක් හටගෙන අැත.

ගල්කිස්ස – රත්මලාන – වෙඩිකන්ද පාර ප්‍රදේශයේ පිහිටා ඇති නිවසකට අලාභහානි සිදුකිරීමට උත්සාහ කිරීමේදී ප්‍රදේශවාසීන් ඊට මැදිහත් වී තිබිණි. අදාළ නිවසට අලාභ හානි සිදුකිරීමට හේතුවෙන් අසල්වැසියන් මැදිහත්ව තිබේ.
ගල්කිස්ස පොලීසිය ප්‍රකාශ කළේ, අදාළ නිවස සම්බන්ධයෙන් ැනටමත් නීතිමය ක්‍රියාවලියක් සිදුවන බැවින් ලබන සඳුදා දෙපාර්ශ්වය කැඳවීමට පියවර ගෙන ඇති බවයි.

Chandana Sirimalwatte :