ශ්‍රි ලංකා නිදහස් පක්ෂය කිසිවිටෙකත් පොදුජන පෙරමුනට අවශ්‍ය ආකාරයට නැටවීමට ශ්‍රිල.නි.ප. ඉඩ නොදිය යුතු බව ශ්‍රිල.නි.ප. ජාතික සංවිධායක සහ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද දිසානායක පවසයි.
සන්ධාන සදහා තමන් කිසිවිටෙක විරුද්ධ නැති බවද ශ්‍රිල.නි.ප. සන්ධාන මගින් දිගටම ජයග්‍රහණ අත්කරගෙන ඇති බවද පැවසූ මන්ත්‍රිවරයා ඇතැමුන් ශ්‍රිල.නි.ප. නැටවීමට පොහොට්ටුව සමග කටයුතු කරන්නේ නම් ඒයට ඉඩ දිය නොහැකි බවද අනුරාධපුරයේ පැවති සංවිධායක හමුවකදී පැවසීය. ශ්‍රිල.නි.ප. මැයි රැලිය සම්බන්ධ සංවිධාන කටයුතුවලට මෙසේ සංවිධාන කටයුතු සදහා රැස්වීම කැදවා තිබුණු අතර මන්ත්‍රිවරයා ඒහිදී අවධාරණය කළේ ශ්‍රිල.නි.ප. ජනාධිපතිවරණ අපේක්ෂකයා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන බවය.