ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සේවකයන් අැතුළු ෙලාව පුරා ස්ථාන කිහිපයක ඒක්සත් ජාතින්ගේ කාර්යමණ්ඩල ආරම්භ කළ මහා වැඩවර්ජනයක් හේතුවෙන් මානව හිමිකම් කොමිසමේ සියලු වැඩ කටයුතු බිඳ වැටී ඇත.
අහිතකර ෙස්වා ෙකාන්දේසි සහ වැටුප් කප්පාදුවකට එරෙහිව මෙම වැඩවර්ජනය ඒක්සත්ජාතින්ගේ ෙස්වක ඡන්දයකින් පසුව ක්‍රියාත්මක කර ඇත.
ශ්‍රී ලංකාව සම්බන්ධව විශ්ව වාර්තාව විවාදයට ගැනීමට නියමිතව තිබූ මාර්තු 17 වැනිදා මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක වූ අතර ඒ හේතුවෙන් සියලුම තානාපතිවරු මානව හිමිකම් සමුළුවෙන් පිටව ගියහ. වැඩවර්ජනය හේතුවෙන් මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් හුසේන් මහතාද සමුළුවෙන් පිටව ගියේය. ශ්‍රී ලංකාවට එරෙහිව කරුණු දැක්‌වීමට පැමිණි සිටි ගඡේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්, එම්. කේ. සිවාජිලිංගම්, ආනන්දි සසිදරන් ඇතුළු ඊළාම් ඩයස්‌පෝරාවේ සාමාජිකයෝ පිරිසක් මේ හේතුවෙන් බරපතළ ගැටලුවකට මුහුණ දුන්හ.