Posted on 01.14.2019 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
පළාත් සභා මැතිවරණය ගෝර්ඩියන් ගැටයක් බවට පත්ව ඇති බවත් සෑම පක්ෂයක්ම මැතිවරණයක් පැවැත්වීම සඳහා උනන්දුවක් දැක්වුවද මේ ගෝර්ඩියන් ගැටය කපන්නේ කවුරුන්ද යන්න ප්‍රශ්නයක් බවට පත්ව ඇති බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසයි.
මැතිවරණ කොමසාරිස්වරයා පවසන ආකාරයට අලුතින් හඳුන්වා දුන් මිශ්‍ර මැතිවරණය ක්‍රමය යටතේ ක්‍රියාත්මක සීමා නීර්ණ කටයුතු අවසන්ව නොමැති නිසා කොමිසමට මැතිවරණයක් ප්‍රකාශයට පත්කිරීමට නීතිමය බාධා පවතියි. පළාත් සභා හයක මැතිවරණය සම්බන්ධව ප්‍රධාන දේශපාලන පක්ෂ සමඟ සකච්ඡා කොට ඇති නමුත් දැනට පවතින නීතිමය බාධක ඉවත් කළද පළාත් සභා මැතිවරණය අප්‍රේල් මාසයට කළින් පැවැත්විය නොහැකි බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසයි.
එසේම ප්‍රධාන පක්ෂ පාර්ලිමේන්තුව තුළ නව නීති සම්පාදනයක් හරහා පැරණි සමානුපාතික ක්‍රමයට ඡන්ද පැවැත්වීම පිලිබඳ සකච්ඡාවක් ඇතිවූ බවත් වුවත් ජන්ද ජන්දය අප්‍රේල් මාසය සඳහා කල් යනු ඇති බව මැතිවරණ කොමසාරිස්වරයා වැඩිදුරටත් පවසා ඇත.