தமிழ்
English
Contact
Monday 6th May 2019    
පළාත් මැතිවරණය නොවැම්බර්වලට පෙර නැතිනම් සභාපති ධූරයෙන් අස්වෙනවා - මැතිවරණ කොමිසමේ සභාපති | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පළාත් මැතිවරණය නොවැම්බර්වලට පෙර නැතිනම් සභාපති ධූරයෙන් අස්වෙනවා – මැතිවරණ කොමිසමේ සභාපති



පළාත් සභා මැතිවරණය නොවැම්බර් 10ට පෙර පැවත්වූයේ නැතිනම් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වන බව එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

පළාත් සභා මැතිවරණය වසර 2ක් පමණ කල්දැමීමට විරෝධය පා මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවද සභාපතිවරයා පවසා ඇත.

ජනාධිපතිවරණය නොවැම්බර් මස 09ත් දෙසැම්බර් මස 9දා ත් අතර අනිවාර්යයෙන් පැවැත්විය යුතු බැවින් පළාත් සභා මැතිවරණය ඊට පෙර පැවැත්විය යුතු බව ඔහු පවසයි.

සබරගමුව, උතුරු මැද හා නැගෙනහිර පළාත් සභාවල නිල කාලය අවසන් වී දැනට වසර දෙකකට ආසන්න කාලයක් ගතව ඇති බවත් තමා මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ සහ දේශපාලන පක්ෂ සමඟ විවිධ සාකච්ඡා පවත්වා ඇති මුත් එහි කිසිදු ප්‍රතිඵලයක් නොමැතිවි බවත් මැතිවරණ කොමසාරිස්වරයා පවසා ඇත.

පළාත් මැතිවරණය සමානුපාතික ක්‍රමයට පවත්වනවාද නැතිනම් අලුතින් හඳුන්වා දුන් මිශ්‍ර ක්‍රමය යටතේ පවත්වනවාද යන ගැටලුව දැන් ඇතිව තිබේ. නව ක්‍රමයට පැවැත්වීම සඳහා අවශ්‍ය සීමා නීර්ණ කටයුතු මෙතෙක් අවසන්ව නොමැති නිසා කොමිසමට මැතිවරණයක් ප්‍රකාශයට පත්කිරීමට නීතිමය බාධා පවතියි. පරණ ක්‍රමයට මැතිවරණයක් පවත්වන්නේ නම් පාර්ලිමේන්තුවට නව පනතක් සම්මත කළ යුතුව ඇත. නමුත් මෙම එක් කරුණක් කෙරෙහිවත් ප්‍රධාන දේශපාලන පක්ෂ උනන්දුව නොදැක්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම පසුගිය සමයේ දිගින් දිගටම සඳහන් කර තිබුණි.