Posted on 01.10.2019 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා වන සීමා නීර්ණ වාර්තාව ජනාධිපතිවරයා වෙත යැවිය යුතු වුවත් මෙතෙක් එය ඔහු වෙත යොමු කර නොමැති බව දිනේෂ් ගුණවර්ධන පවසයි.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු මෙම වාර්තාව මාස දෙකකට පසුව කථානායකවරයා හෝ අග්‍රාමාත්‍යවරයා විසින් ජනාධිපතිවරයා වෙත යැවිය යුතු බවත් මාස දෙකක් ඉක්ම ගොස් ඇති නමුත් එය යොමුකර නොතිබීම පාර්ලිමේන්තුව සම්මත කළ නීතියක් උල්ලංඝණය කිරීමක් බව ඔහු ඊයේ (09) පාර්ලිමේන්තුවේදී පවසා තිබේ.
අපට දැන් අවශ්‍ය වී ඇත්තේ මැතිවරණය පැවැත්වීමට බව දිනේෂ් ගුණවර්ධන වැඩිදුරටත් පැවසීය.