Posted on 01.13.2019 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ජනාධිපතිවරණයකට පෙර පළාත් සභා මැතිවරණයකට සුදානම් වන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන්ට උපදෙස් තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ප්‍රතිසංවිධාන කටයුතු පිළිබද පළාත් මට්ටමින් අදාළ සංවිධායකවරු කැඳවා අද (13) ජනාධිපති කාර්යාලයේදී පැවැති හමුවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.
මහජන නියෝජිතයින් නොමැතිව රජයේ ආයතන පැවැත්වීම නුසුදුසු බැවින් ජනාධිපතිවරණයකට වඩා පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමට තමන් උපරිමයෙන් කැපවෙන බව ජනාධිපතිවරයා මෙහිදී පවසා ඇත.