Posted on 05.28.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු අත් අඩංගුවට ගැනීම සඳහා පොලිසිය අද (28) උදැසන ඔහුගේ නිවාසට ගොස් ඇතත් නගරාධිපති නිවසේ නොසිටි බව වාර්තා වේ.
ඊයේ (27) මොරටුව මොල්පේ මෙතෝදිස්ත දේවස්ථානයේ එන්නත් ලබාදීමේ වැඩසටහන අතරතුර මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු පැමිණ තමන් නිකුත් කළ ටෝකන් අනුව එන්නත් ලබාදෙන ලෙස බලකරමින් එම ස්ථානයේ සිටි වෛද්‍යවරියකගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පවසයි.
ඒ සම්බන්ධයෙන් වෛද්‍යවරිය ගල්කිස්ස පොලිසියට කළ පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
කෙසේ නමුත් සමන් ප්‍රනාන්දු වෛද්‍යවරියට බලපෑම් කරන ස්ථානයේ ඉහළ පොලිස් නිලධාරීන් පිරිසක්ද සිටි අතර ඒ මොහොතේ ඔවුන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගනු දක්නට නොලැබුණි.
මේ අතර අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බව කලින් දැනගත් සමන් ලාල් ප්‍රනාන්දු සැඟවී ඇති බවත් අද දිනයේ නීතිඥයෙකු මාර්ගයෙන් පොලීසියට ඉදිරිපත්වීමට නියමිත බවත් දේශපාලන ආරංචි මාර්ග පවසයි.