Posted on 12.12.2019 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
කතානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් අද රැස්වීමට නියමිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිත්‍යානුකූල භාවය සම්බන්ධ ප්‍රශ්නයක් මතුව තිබේ. එයට හේතුව විපක්ෂ නායකවරයා ඒ සඳහා සහභාගී නොවීමයි.
සාමාජිකයන් දස දෙනෙකුගෙන් සමන්විත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහා කතානායකවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂනායකවරයා නිල බලයෙන් පත්ව සිටියි.අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මේ සඳහා සහභාගී වීමට නියමිත නමුත් සජිත් ප්‍රේමදාස මෙතෙක් විපක්ෂනායකවරයා ලෙස නිල වශයෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් කර නොතිබීම හේතුවෙන් ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සහභාගී නොවන බව වාර්තා වේ.
කෙසේවෙතත් අනෙක් මන්ත්‍රීවරුන් සිව් දෙනා සහ සිවිල් සාමාජිකයින් තිදෙනා අද දිනයේ රැස්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සහභාගී වනු ඇති.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පත් කර ඇති සාමාජිකයින් ඉවත් කිරිමට හැකියාවක් නොමැති අතර ඔවුන් සිය ධුරවලින් ඉල්ලා අස්වන තුරු අදාල පත්විම් වලංගු වෙයි. නව ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වන පළමු අවස්ථාව මෙයයි.
ස්වාධීන කොමිෂන් සභා පත්කිරීම ඇතුළු අපක්ෂපාතිව තීරණ ගැනීමේ අරමුණෙන් ඇති කරන ලද ව්‍යවස්ථාදායක සභාවේ සංයුතිය තුළ විපක්ෂනායකවරයා නොමැතිවීම තුළ එහි නිත්‍යානුකුල භාවය සම්බන්ධ ගැටලුවක් මතුවේ.