Posted on 02.15.2019 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
විශාල බලාපොරොත්තු ඇතිව පිහිටුවා ගන්නා ලද ව්‍යවස්ථා සභාව සහ ස්වාධීන කොමිෂන් සභා දූෂණයවීමට කතානායකවරයා සහ අගමැතිවරයා වගකිව යුතු යැයි එක්සත් ජනතා නිදහස් සංධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක ඊයේ (14) පැවසීය.
එසේම විජයදාස රාජපක්ෂ පවසා තිබුණේ ව්‍යවස්ථාදායක සභාව දූෂිතම රාජ්‍ය ව්‍යුහයක් බවට පත්ව ඇති බැවින් එය අහෝසි කළ යුතු බවයි. නීති ක්ෂේත්රයේ කටයුතු කළ විනිසුරුවන් රැසකගේ උසස් වීම් සහ තනතුරු අහිමි කරමින් ව්‍යවස්ථාදායක සභාව විසින් පළිගැනීම් සිදුකළ බව සහ පක්ෂපාතිව කටයුතු කරන ලද බව තමා අත්දැකීමෙන්ම දන්නා බව විජේදාස රාජපක්ෂ පවසා තිබේ.
එසේම මීට පෙර අගවිනිසුරුවරයා එවන ලද විනිසුරුවරුන්ගේ නම් තමා ව්‍යවස්ථාදායක සභාවට එවන ලද බවත් ඔවුන්ගේ නම් ප්‍රතික්ෂේප කරන හේතු ජනාධිපතිවරයා ලෙස තමාටවත් දැනුම් දී නොමැති බවත් මෛත්‍රීපාල සිරිසේන කරන ලද ප්‍රකාශයට පිළිතුරු වශයෙන් නිවේදනයක් නිකුත් කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති කතානායක කරු ජයසූරිය පැවසුවේ අගවිනිසුරු, ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවන් පත් කිරීමේදි ජනාධිපතිවරයා නිර්දේශ කළ නම් හැර කිසිදු පිටස්තර පුද්ගලයකු එම තනතුරුවලට අනුමත නොකළ බවයි.