Posted on 09.12.2020 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා මුල්කොට ගෙන විපක්ෂය නඟන චෝදනා ගැන අසත්‍ය බවත් තමා හෝ අගමැතිවරයා හෝ අධිකරණ ක්‍රියාවලියට කිසිදු බලපෑමක් නොකළ බව පවසා තිබේ. ඔහු මේ බව පවසා ඇත්තේ රාජ්‍ය අමාත්‍යවරුන් සමග ජනාධිපති කාර්යාලයේ පැවති රැස්වීමේදීයි.
“බලපෑම් කරනවානම් කළ යුතුව තිබුණේ මහාධිකරණයට. එවැන්නක් කිසිවිටෙකත් සිදුවූයේ නැහැ. අධිකරණ තීන්දුව දුන් විනිසුරුවරයා පත් කළේ ව්‍යවස්ථා සභාව. එහි සිටියේ කරූ ජයසූරිය, සජිත් ප්‍රේමදාස, තලතා අතුකෝරාළ ඇතුළු පිරිසක්. විපක්ෂයට එක් තීන්දුවක් හොඳයි. අනෙක නරකයි” ගෝඨාභය රාජපක්ෂ පවසා ඇත.
අභියාචනාධිකරණ විනිසුරුවරයා පත් කළේද එකී ව්‍යවස්ථා සභාවම බව ගෝඨාභය රාජපක්ෂ පවසා තිබේ.