Posted on 08.03.2020 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ව්‍යවස්ථාදායක සභාව අද (03) 08වන පාර්ලිමේන්තුවේ හිටපු කථානායක සහ එහි සභාපති කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් අද රැස්වීමට නියමිත වේ.
කථානායක නිල නිවසේ පැවැත්වෙන මෙම සාකච්ඡාව සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ , විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු ව්‍යවස්ථා සභාව නියෝජනය කරන සෙසු සාමාජිකයින් එක්වීමට නියමිතය.
මෙහිදී, මානව හිමිකම් කොමිසම සහ රාජ්‍ය සේවා කොමිසම යන කොමිසම්වල පවතින පුරප්පාඩු හා හානිපූර්ණය පිළිබඳ කාර්යාලයේ පවතින පුරප්පාඩු සම්බන්දයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.
මීට අමතරව මුදල් කොමිසම, සීමානීර්ණ කොමිසම, විගණන සේවා කොමිසම හා ජාතික ප්‍රසම්පාදන කොමිසම විසින් ඉදිරිපත් කර ඇති කාර්තු ප්‍රගති වාර්තා ඇගයීමට ලක්කෙරුණු ඇති.
අද දිනයේ රැස්වෙන ව්‍යවස්ථා සභාව අටවන පාර්ලිමේන්තුවේ අවසන් රැස්වීම වේ.
08වන පාර්ලිමේන්තු කාලය තුළදී ව්‍යවස්ථා සභාව අවස්ථා 93කදී රැස්වී ඇත.