Posted on 12.16.2020 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ලොවටම සුවය සැදීමට තමන් පැණියක් සකස්කර එය ශ්රි මහ බෝධියට පුද කිරීමට පැමිනි බවත් එය බෝධිය අසළට ගොස් පූජා කිරීමට නොදුන්නේ ඇයිද යන්න ධම්මික බණ්ඩාර විසින් අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස හිමියන් හමුවේ ආවේගයෙන් ප්රශ්නකර ඇත.
අනුරාධපුරයට සිය ආදාරකරුවන් සමග ගිය ධම්මික බන්ඩාර, පළමුවෙන් අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම ධම්මරක්ඛිත සිරිනිවාස හිමි හමුවී පැණිය බෝතලයක් ලබා දෙන ලදී. එයින්පසුව ඔහුගේ පැණිය ශ්රී මහ බෝධිය වෙත පූජා කිරීමට පැමිණි නමුත් ඔහුට බෝධිය අසළටම යාමට අවසර නොලැබිණි.
ධම්මික බණ්ඩාර පිරිසක් සමග වේගයෙන් අටමස්ථානාධිපති හිමි වෙත ගොස් ඇති අතර පොලිසියද ඒ අවස්ථාවේ එහි පැමිණ තිබේ. පසුව ධම්මික බන්ඩාර අටමස්ථානාධිපති පල්ලගෙම සිරිනිවාස හිමි ඉදිරියේ අඩදැණිව හිඳ මෙසේ ප්රකාශ කර ඇත. “ලෝකයට සුවසෙත සැදීමට මම මේ ඖෂධය සකස් කළා. ඒක බෝධින් වහන්සෙ වෙත පුද කිරීමට ආවෙ. ඇයි මට අවසර නොදුන්නෙ? මම කාලි, ඔබ වහන්සෙගෙ අම්මා!” යනුවෙන් පවසමින් ධම්මික බන්ඩාර කෑගසමින් විරෝධය දක්වා ඇත.
කෙසේ වෙතත්, පසුව පහළ මළුවට ඖෂධය පූජා කිරීමට ධම්මික බණ්ඩාර හට අවසර හිමි විය.