Posted on 10.31.2020 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
වර්තමාන ආණ්ඩුව බලයට ගෙන ඒමට කටයුතු කිරීම ගැන තමන් වහන්සේ කනගාටු වන බව නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසයි.
ආණ්ඩුවේ සිටින්නේ දෙපැත් නයි බවත් පිරිත් නූල් ගැට ගහන්න තම විහාරස්ථානය පැත්ත පළාතේ එන්න එපා යැයි ද එම හිමියන් පවසා තිබේ. මුරුත්තෙට්ටුවේ හිමි මේ බව පැවසුවේ යූ ටියුබ් නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමිණි.
අද වන විට ආණ්ඩුවේ නායකයන් ගේ වටේ ඉන්නේ වෙන වෙන අය බවත් තමන් වහන්සේලාට පාරක බැහැල යාමට හෝ පිරිත් ගෙදර, මල දෙරක යාමට බැරි තත්වයක් උදා වී ඇතැයි ද උන්වහන්සේ කියා සිටිති.
මේ ආණ්ඩුවට විරුද්ධව තමන් සියලු දෙනා පෙළගස්වන බවත් තව ටික දිනකින් මුළු වෘත්තීය සමිති ව්‍යාපාරය පාරට පස් බවත් උන්වහන්සේ වැඩිදුරටත් පවසා තිබේ.
පොදුජන ආණ්ඩුව බලයට පත් කිරීමේ ප්රචාරක හා මතවාදී බලය සැපයූ ප්‍රධාන බලවේගයක් ලෙස මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි ඇතුලු භික්ෂුන් පිරිසක් ද්විත්ව පුරවැසි භාවය සම්බන්ධ වගන්තියට විරෝධතාවය දක්වන ලදී. නමුත් අවසන්න මොහොතේ ඔවුන් සමඟ එකම මතයක සිටි දේශපාලනඥයන් පිරිස එම මතය පාවා දෙනු දැකිය හැකි විය.
කෙසේවෙතත් මෙරට ආණ්ඩු පාලනයේදී භික්ෂුන් විසින් නායකයන්ට සිදුකරන බලපෑම විවාදාත්මක තත්වයක පවතී. බෞද්ධ භික්ෂුන් පාලනයට සිදුකරන බලපෑම සැමවිටම ජනතා විරෝධය නියෝජනය නොකරන අතර කිසිදු අවස්ථාවක ව්‍යවස්ථාදායකයේ හෝ වෙනත් පාලන අංශයකදී ප්‍රශ්න කෙරෙන්නේ නැත. බොහෝවිට එම බලපෑම් හරහා උත්සාහ කරන්නේ තමන් සතුව ආණ්ඩු හැසිරවීමේ බලයක් තබා ගැනීමයි.